Thursday, April 2, 2020 | / - 0770586666 | - [email protected]

අකලට හිසකෙස් යාම, තට්ටය පෑදීම ඇතුළු හිසකෙස් සම්බන්ධ ප්‍රශ්න රැසකට සාර්ථකම විසඳුම මෙන්න (VIDEO)

2792Views

අකලට හිසකෙස් යාම, පැසීම තට්ටය පෑදීම වගේ හිසකෙස් ආශ්‍රිත ගැටළු වර්තමානය වෙද්දි තරුණ තරුණියන් අතර බහුලව දකින්න පුළුවන් තත්වයක් බවට පත්වෙලා තියෙනවා.  හිස කෙස් වලට නොයෙකුත් ආකාරයේ කේෂ විලාසිතා කිරීම හිසකෙස් ගැලවී යන්න ප්‍රධාන හේතුවක් වෙනවා වගේම කෘතීම ජෙල් වර්ග භාවිතය නිසා සහ කෘතීම සබන් සහ ෂැම්පු වර්ග භාවිතය නිසාත් හිස කෙස් පැසීම සහ හිසකෙස් යාම වගේ තත්වයන් ඇති වෙන්න පුළුවන්.

සමහරවිට මේ වන විටත් මේ ඔබ, එහෙමත් නැත්තම් ඔබේ පවුලේ කෙනෙක්, ඔබේ නෑදෑ හිතමිත්‍රාදියෙක් මේ ප්‍රශ්නෙ නිසා පීඩා විඳිමින් ඉන්නවා ඇති. ඉතිං ඒ නිසා තමයි ගොඩක් දෙනා පීඩා විඳින මේ ගැටළුවට තියෙන සාර්ථක විසඳුමක් ගැන ඔබට කියන්න කල්පනා කළේ.

මේ විදියට හිසකෙස් යාම සඳහා තියෙන සාර්ථකම ප්‍රතිකාර ක්‍රමයක් තමයි චීන කටු චිකිත්සා ක්‍රමය කියලා කියන්නෙ. හෝමියෝපති ඖෂධ මගින් විශේෂයෙන්ම කේෂ මූල ශක්තිමත් කරලා හිසකෙස් ගස් වර්ධනය කරන්න හැකියාව තියෙනවා වගේම මේ වන විටත් බටහිර සහ ආයුර්වේද ප්‍රතිකාර ලබාගෙන මේ ගැටළුවට විසඳුමක් නොලැබු‍නු බොහෝ දෙනෙකු චීණකටු චිකිත්සා ක්‍රම මඟින් සාර්ථක ප්‍රතිඵල අත්කරගෙන තිබෙනවා.

කොහොම වුනත් දිනකට කෙස් ගස් 10 – 15 අතර ප්‍රමාණයක් ගැල‍වීයාම සාමාන්‍ය දෙයක්. හැබැයි ඉතිං දිනකට කෙස්ගස් 100 – 150 වගේ ප්‍රමාණය් ගැලවී යනවනම් ඔබට ඉක්මනින්ම මේ ගැටළුවට විසඳුමක් හොයාගන්න වෙනවා.

ඒ වගේම තමයි තමහන්ගෙ කොණ්ඩෙ යනවද කියලා හරිවටම දැනගන්න පුළුවන් මිණුම් දණ්ඩක් තියෙනවා. ඔයාට කරන්න තියෙන්නෙ ඔයාගෙ අත පනාවක ආකාරය හිස කෙස් අතර එහා මෙහා යවමින් පිරිමදින්න. ඒ වෙලාවට සැළකිය යුතු මට්ටමකට කොණ්ඩෙ යනවනම් ඔබටත් හිසකෙස් යාමේ රෝග ලක්ෂණ තියෙනවා.

ඉතිං හිසකෙස් යාම, අකලට හිසකෙස් පැසීම වගේ දේවල් තව දුරටත් ගැටළුවක් බවට පත්කර ගන්න ඕන නෑ. චීනකටු සහ හෝමියෝපති ප්‍රථිකාර මඟින් ඔබට සාර්ථක ප්‍රතිඵල ලබා ගන්න දැන්ම දේශමාන්‍ය වෛද්‍ය බුද්ධික විට්ටහච්චි මහතා අමතන්න.

ඒ වගේම මේ වීඩියෝ එක බැලුවනම් චීනකටු ප්‍රථිකාර ක්‍රම ඔස්සේ සාර්ථක ප්‍රථිපල ලැබෙන ආකාරයත් ඔයාට බලාගන්න පුළුවන්.

වේයන්ගොඩ - 033 2288060 / 033 4924783
මහරගම - 0112 846901/ 011 4931480