Thursday, April 2, 2020 | / - 0770586666 | - [email protected]

දවස් දහයකට ඉන්දියාවට ගිය රනිල් හදිසියේම ලංකාවට එයි

1904Views

දින දහයක ඉන්දීය සංචාරයක නිරතව සිටි එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ ඊයේ (26 වැනිදා) පස්වරුවේ හදිසියේ ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.

‘ද හින්දු’ පුවත්පතේ උත්සවයකට සහභාගිවීම සඳහා ඔහු ඉන්දියාව බලා පිටත්ව ගොස් තිබුණි.

එක්සත් ජාතික පක්ෂයේ මහ මැතිවරණ මෙහෙයුම් කටයුතු අද (27 වැනිදා) සිට ආරම්භ කරන බව එක්සත් ජාතික පක්ෂ නායකයා ඊයේ (26 වැනිදා) පස්වරුවේ සිය හිතවතුන් සමග ප්‍රකාශ කර ඇත.

ජාතික සමගි බලවේගය මැතිවරණ මෙහෙයුම් කටයුතු එළැඹෙන සඳුදා සිට ආරම්භ කිරීමට තීරණය කර ඇති මොහොතක එක්සත් ජාතික පක්ෂ නායකයා දිවයිනට පැමිණීම විශේෂත්වයක් බව දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි.