Thursday, April 2, 2020 | / - 0770586666 | - [email protected]

විශේෂ අවශ්‍යතා ඇති දරුවන් ලොවක් ඉදිරියේ වීරයන් කළ නදුන් හෙට්ටිආරච්චිගේ අලුත්ම ගීතය (VIDEO)

1277Views

සංගීතයෙන් මිනිස් මනස සුවපත් කරන අපේ කාලයේ ජීවකයෙක් ලෙස සංගීතවේදි නදුන් හෙට්ටිආරච්චි බොහෝ දෙනා හදුනනවා.ඔහු එලෙස සුවපත් කරන්නේ විශේෂ කණ්ඩායමක්.

ඒ අපේ සමාජය විසින් කාලයක් පටන් නාමකරණය කළ ''විශේෂ අවශ්‍යතා ඇති'' දරුවන්.ඇත්තෙන්ම ඔහු පවසන පරිදි ඔවුන් විශේෂ අවශ්‍යතා නොව විශේෂ දක්ෂතා ඇති දරුවන් කියන්න පුළුවන්.

ඔහු වසර 15 කට වැඩි කාලයක් මේ දරුවො සමඟ නිහඩව මෙම සේවය සිදු කරනවා. ඔහු ඊයේ (26) දවසේ මේ දරුවන් වෙනුවෙන්ම සිදුකළ අපූරු සංගීත නිර්මාණයක් එළිදැක්වූවා.

ඒ විශේෂ අවශ්‍යතා ඇති දරුවන් වෙනුවෙන් කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ තිබුණු අන්තර්ජාතික සමුළුවකදි.මේ අවස්ථාවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාත් සහභාගී වී සිටියා.

එම ගීත නිර්මාණය පහතින් නරඹන්න පුළුවන්.