Friday, June 5, 2020
/ - Advertising - 0773953664 | General line - 0115112241 | - [email protected]

කොරෝනා පරීක්ෂණ සිදුකරන්න රජයේ රෝහල් 15 ක් නිර්දේශ වෙයි - නිර්දේශිත රෝහල් මෙන්න

6915Views

කොරෝනා වෛරසය පිළිබඳව වෛද්‍ය පරීක්ෂණ සිදුකර ගැනීම සඳහා රජයේ රෝහල් 15ක් නිර්දේශ කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කරනවා. ඒ අනුව වෛරසය පිළිබද ප්‍රතිකාර හා නිරෝධායන කටයුතු වෙනුවෙන් එම රෝහල් නිර්දේශ කර ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශය පෙන්වා දෙන්නේ.  

එම නිර්දේශිත රෝහල් පහතින්,

අයි.ඩි.එච්.රෝහල

කොළඹ ජාතික රෝහල

මහනුවර රෝහල

රිජ්වේ ආර්යා ළමා රෝහල

ද සොයිසා මාතෘ රෝහල

රාගම ශික්ෂණ රෝහල

කරාපිටිය ශික්ෂණ රෝහල

යාපනය ශික්ෂණ රෝහල

මඩකලපුව ශික්ෂණ රෝහල

රත්නපුර ශික්ෂණ රෝහල

අනුරාධපුරය ශික්ෂණ රෝහල

කුරුණෑගල මහ රෝහල

බදුල්ල මහ රෝහල

ගම්පහ මහ රෝහල

මීගමුව මහ රෝහල

මේ අතර නව කොරෝනා වෛරසය සම්බන්ධයෙන් ප්‍රතිකාර හා නිරෝධායන කටයුතු සඳහා පෞද්ගලික රෝහල් වලට අවසර ලබාදීම පිළිබද  සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නියාමනයක් සිදුකිරීමට  පියවර ගනිමින් සිටින බවයි වාර්තා වන්නේ.