Thursday, November 26, 2020
/ - General line - 0115112241 | - [email protected]

නිරෝධායන මධ්‍යස්ථාන ඇතුලේ මොකද වෙන්නෙ..? කළගුණ දත් තරුණයෙක් කියපු කතාව (VIDEO)

4622Views

විදෙස් රටවල සිට මෙරටට පැමිණෙන පිරිස් නිරෝධායනය කිරීම සඳහා මෙරට ආරක්ෂක අංශ විශාල කැප කිරීමක් සිදුකරමින් පවතින මොහොතක සමාජ මාධ්‍ය හරහා ව්‍යාජ පුවත් මවමින් එම එම කටයුතු කඩාකප්පල් කිරීමට ඇතැම් පිරිස් කටයුතු කළ ආකාරය පසුගිය දින කිහිපය තුලම අපට අසන්නට දකින්නට ලැබුනා. එසේම එය බොහෝ දෙනෙකුගේ විවේචනයටද ලක්වුනා.

එවන් තත්වයක් තුල කළගුණ දත් තරුණයෙක් තමන්ට නිරෝධායනයේදී ලැබෙන පහසුකම් ගැන පසුගියදා ෆේස්බුක් ලයිව් ඔස්සේ ප්‍රකාශ කළේ ආරක්ෂක අංශ ඇතුලු  සියළුම රටවැසියන්ටද සිය ස්තූතිය ප්‍රකාශ කරමින්.

එහිදී වැඩිදුරත් අදහස් දක්වමින් ඔහු මෙලෙස ප්‍රකාශ කළා.

අපි ගුවන්තො‍ටුපොළේ සිට පැමිණෙද්දී VIP විදිහේ සැලකිල්ලක් ලබා දුන්නා. දරුවන් සිටින පවුල් වලට තනි කාමරත්, තනිකඩ පිරිමින්ට වෙනමත්, කාන්තාවන්ට වෙනමත් කාමර ලබා දුන්නා. අන්තර්ජාල පහසුකම්, අලුත්ම රූපවාහිනී, රෙදි සේදීමේ යන්ත්‍ර ලබා දුන්නා. පැකින් කැඩුවේ ඊයේ.

කෑම බීමේ කිසිම අඩුපාඩුවක් නෑ. උදේ 6 ට කිරි, හත හමාරට උදේ ආහාර, දහයට ප්ලේන්ටී හෝ කිරි තේ, දවල්ට දිවා ආහාරය, තුනට තේ, රාත්‍රී ආහාර, නිදා ගන්න කළින් කොත්තමල්ලි පානයක්. යුද හමුදාවෙන් අපිට කතා කරන්නේ "සර්" කියලා. අපි ඔවුන්ට සර් කියන්න ඕන වෙලාවට ඔවුන් අපිට එහෙම ගරු කරද්දී හිතට හරිම වේදනාවක් දැනෙනවා.

ජනාධිපති තුමාට, අගමැතිතුමාට, යුද හමුදාපති තුමාට, රණවිරුවන්ට සහ අපිට මේ සඳහා බදු මුදල් දෙන ජනතාවට බොහොම පින්.
7500 කතාව සම්පූර්ණ බොරු. අපිට ඕන දත් බුරුසුව පවා නොමිලයේ දෙන්නේ. අනිත් නිරෝධායන මධ්‍යස්ථාන වල අයත් පුලුවන්නම් තමන්ට ලැබෙන සේවය ගැන කියන්න. අපිට කවුරුවත් කියල නෙමෙයි, ඒත් අපි ස්වෙච්ඡාවෙන් අපේ කාමර පිරිසිදුව තියාගන්නට සහයෝගය දෙනවා. නාන්න උණු වතුර පහසුකම් පවා අපිට ලබා දී තියෙනවා.

එම වීඩියෝව පහතින්.