Tuesday, August 11, 2020
/ - Advertising - 0773953664 | General line - 0115112241 | - [email protected]

"මගේ වීඩියෝවලට සමාවෙන්න, හමුදාව හොදට සැලකුවා" නිරෝධායනය වූ පුද්ගලයා යන ගමන් කියයි!

4812Views

නිරෝධායන කඳවුරු වලදී යුධ හමුදා නිලධාරීන් විසින් තමන් ඇතුළු පිරිසට සැලකූ ආකාරය නිසා ඇස් වලට කඳුළු නැගුනු බව නිරෝධයට ලක්වූ පුද්ගලයෙක් සඳහන් කරනවා.

ඒ මින්පෙර ෆේස්බුක් වෙබ් අඩවියට වීඩියෝ එක්කරමින් නිරෝධායන ක්‍රියාවලිය විවේචනය කළ පුද්ගලයන්මය.

තමන් පෙර අන්තර්ජාලයට එක් කරන ලද වීඩියෝ මගින් ජනතාව තුල වැරදි වැටහීමක් ඇතිව තිබූ බවත් එවන් වැරදි වැටහීමක් ඇතිකර නොගන්නා ලෙසත් තමන් ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් ඔහු පැවසීය.

එම පුද්ගලයා ඉතාලියේ සිට පැමිණි අවස්ථාවේ කටනායක ගුවන් තොටුපලේදීත්, නිරෝධායනයට යන අතරමගදීත් නිරෝධායන ක්‍රියාවලියට දැඩිව විරෝධය එල්ල කළ අයෙකි.

ඊයේ දිනයේදී ඔහු ඇතුළු 311ක පිරිසක් නිරෝධායන කටයුතු අවසන් කර නැවත නිවෙස් වෙත යොමු කරන ලදී.