Thursday, April 2, 2020 | / - 0770586666 | - [email protected]

චීනය තෙවන තැනට ඇද දමමින් ස්පාඤ්ඤයේ කොරෝනා මරණ ඉහළට - ලොවපුරා මියගිය ගණන 20,000 ත් ඉක්මවයි

721Views

නව කොරෝනා වෛරසයෙන් හේතුවෙන් ස්පාඤ්ඤයේ සිදුවූ මරණ සංඛ්‍යාව චීනයේ සිදුවූ මරණ සංඛ්‍යාව අභිබවා ගොස් තිබෙනවා. කොරෝනා වෛරසය හේතුවෙන් චීනයේ සිදුවූ මරණ සංඛ්‍යාව 3,287 ක් වන අතර ස්පාඤ්ඤයේ සිදුවූ මරණ සංඛ්‍යාව 3,647 ක් බවයි නවතම වාර්තා පෙන්වා දෙන්නේ.

ගතවූ පැය 24ක කාලය තුලදී ඉතාලියෙන් නව කොරෝනා වෛරසය ආසාධනය වූ පුද්ගලයින් 683 ක් ජිවිතක්ෂයට පත්ව ඇති අතර. ඉතාලියෙන් වාර්තා වන මුළු මරණ සංඛ්‍යාව 7,503 ක් ලෙසයි සඳහන් වන්නේ.

එසේම ස්පාඤ්ඤයේ උප අගමැතිවරිය වන කාර්මේන් කාල්වෝ ද අද දිනයේදී නව කොරෝනා වෛරසයට ගොදුරුව ඇති බව එරට රජය නිවේදනය කර තිබුණා.

කොරෝනා වෛරසය හේතුවෙන් මේ වනවිට ලොවපුරා ජිවිතක්ෂයට පත්වූ පුද්ගලයින් සංඛ්‍යාව විසිදහස ඉක්මවා තිබෙනවා. ඇමෙරිකාවේ ජෝන් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ දත්ත වලට අනුව මේ වන විට ලොවපුරා වාර්තා වන කොරෝනා මරණ සංඛ්‍යාව 20,499ක් වන අතර අසාධිතයින් සංඛ්‍යාව 451,355ක්.