Thursday, April 2, 2020 | / - 0770586666 | - [email protected]

බදුල්ලේ ජීවකයන් 150ක් ස්වේච්ඡාවෙන්ම කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානයේ රාජකාරියට

1199Views

බදුල්ල පළාත් මහ රෝහලේ ස්ථාපිත කර ඇති කොවිඩ් 19 ප්‍රතිකාර මධ්‍යස්ථානයේ රාජකාරී සදහා එම රෝහලේ වෛද්‍යවරුන් 150 දෙනෙකු ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වී සිටින බව වාර්තා වේ.

බදුල්ල පළාත් මහ රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රධාන වෛද්‍ය පාලිත රාජපක්ෂ මාධ්‍යයට පවසන්නේ මෙම වෛද්‍යවරුන් 150 දෙනා විවිධ ඒකකවලට අනියුක්තව කටයුතු කරන වෛද්‍යවරුන් බවත් ඔවුන් කණ්ඩායම් වශයෙන් බෙදී කොවිඩ් 19 ප්‍රතිකාර මධ්‍යස්ථානයේ කටයුතු කිරීමට කැමැත්ත පලකර තිබෙන බවත්ය.

වෛද්‍ය පාලිත රාජපක්ෂ පවසන්නේ මෙවැනි මොහොතක සියලු අවදානම් දරා කොරෝනා මර්ධන ක්‍රියාදාමය වෙනුවෙන් බදුල්ල පළාත් මහ රෝහලේ වෛද්‍යවරුන් දක්වන දායකත්වය ප්‍රශංසනීය බවය.

මෙලෙසට කොරෝනා මධ්‍යස්ථානයේ සේවය කරනා එම වෛද්‍යවරුන් මධ්‍යස්ථානයේ රාජකාරි අවසන් කිරීමෙන් අනතුරුව නිරෝධායනය සදහාද යොමු වේ.