Thursday, April 2, 2020 | / - 0770586666 | - [email protected]

කොරෝනා යැයි සැකපිට හම්බන්තොට රෝහලට ඇතුළත් කල 45කගේ තත්වය මෙන්න

2840Views

හම්බන්තොට මහ රෝහලේ කොරෝනා විශේෂ ප්‍රතිකාර ඒකකයේ කොරෝනා සැකසහිත රෝගීහු 11 දෙනෙක් අද (26දා) ප්‍රතිකාර ලබමින් සිටින බව හම්බන්තොට මහ රෝහලේ වෛද්‍ය අධිකාරී වෛද්‍ය සුරංඟ ඔබේසේකර මහතා කීය.

මෙතෙක් හම්බන්තොටින් කොරෝනා රෝගීන් වාර්තා වී නැති අතර ඉකුත් 17 දා සිට හම්බන්තොට මහ රෝහලේ කොරෝනා විශේෂ ප්‍රතිකාර ඒකකයට ඇතුළත වූ සැකසහිත රෝගීන් 56 දෙනා අතරින් රෝගින් 45 දෙනෙක්ම රෝගය ‍වැළඳී නැතිහෙයින් නිවෙස් වලට බැහැරකිරීමට හැකි වූ අතර දැනට නේවාසිකව සිටින සැකසහිත රෝගින් 11 දෙනාගේද පරීක්ෂණ කටයුතු සිදු කරමින් පවතින බවද රෝහල් අධ්‍යක්ෂකවරයා කීය