Thursday, April 2, 2020 | / - 0770586666 | - [email protected]

කොරෝනා වෛරසයට බිලි වූ 21හැවිරිදි තරුණියගේ කතාව

15722Views

කිසිදු සෞඛ්‍ය අවදානමක් නොතිබුණු 21 හැවිරිදි තරුණියක කොරෝනාවෛරසය ආසාදනය වීම හේතුවෙන් මිය ගිය බව බ්‍රිතාන්‍යයෙන් වාර්තා වෙයි.

බකිම්හැම්ශයර් ප්‍රාන්තයේ පදිංචි ක්ලෝයි මිඩ්ල්ටන් පසුගිය සතියේ මිය ගිය බව අයගේ පවුලේ ඥාතීහු පවසති.

ෆේස්බුක් හි පණිවිඩයක් තබන කිලෝයි ගේ නැන්දණිය පවසන්නේ ඇය කොවිඩ් - 19 නිසා මිය ගිය අතර මෙම වෛරසය පැතිර යාම වැලැක්වීම සඳහා "ඔබේ කාර්යභාරය" ඉටු කරන ලෙසය.

බ්‍රිතාන්‍ය ආණ්ඩුවේ සංඛ්‍යා ලේඛන සඳහන් කරන්නේ මෙම වෛරසය වැළඳීම නිසා මිය ගොස් ඇති අයගෙන් බහුතරය වෙනත් සෞඛ්‍ය අවදානම් පෙර සිට පැවති අය බවය.

එම නිසා තරුණ උදවිය මේ පිළිබඳව වැඩි අවධානයක් නොදැක්වීම පිළිබඳව බලධාරීන්ගේ අවධානයට ලක්ව තිබේ. නමුත් ඉහත කී සටහනේ පැවසෙන්නේ මෙම වෛරසය කෙරෙහි බරපතල අවධානය යොමු කර සියලු වෛද්‍ය මගපෙන්වීම් පිළිපදින ලෙස ක්ලෝයි ගේ පවුලේ සාමාජිකයන් ජනතාවගෙන් ඉල්ලා සිටින බවය.

"කරුණාකර නැවත සිතන්න" යයි ක්ලෝයි ගේ මව වන ඩියාන් මිඩ්ල්ටන් ලියා ඇත. "මගේ පෞද්ගලික අත්දැකීම අනුවයි මම කියන්නේ. මේ රුදුරු වෛරසය 21 හැවිරිදි මගේ දියණියගේ ජීවිතය බිලි ගත්තා." ඇයගේ තවත් නන්දනියක වන මිස්ට්‍රි ද ලියා ඇත්තේ "මගේ ලස්සන, කාරුනාවන්ත ලේලිය" කොවිඩ් -19 නිසා මිය ගිය බවය. "ඇයට මීට පෙර කිසිදු අසනීපයක් තිබුනේ නැහැ." ඇය පවසන්නීය. "මෙම වෛරසයේ යථාර්ථය අපේ දෑස් ඉදිරියේ දිගහැරෙමින් තිබෙනවා. කරුණාකර ආණ්ඩුවේ මගපෙන්වීම් පිළිපදින්න. ඔබේ යුතුකම කරන්න. ඔබත් රැකෙන්න. අන් අයත් රකින්න. වෛරසය පැතිරෙන්නේ නැහැ. මිනිසා එය පතුරවනවා," මිස්ට්‍රි තවදුරටත් පවසන්නීය.