Thursday, April 2, 2020 | / - 0770586666 | - [email protected]

කොරෝනා වැලඳුණු ඉතාලි හෙදිය සියදිවි හානිකරගැනීම පසුපස ඇති අනුවේදනීය පුවත

5191Views

තමාගෙන් අන් අයට කොරෝනා වෛරසය බෝ වෙතැයි සිතා සියදිවි නසාගත් හෙදියක් පිළිබඳව පුවතක් ඉතාලියෙන් වාර්තා වෙනවා.

එරට ලොම්බාඩි පළාතේ සැන් ජෙරාඩෝ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ සේවය කරමින් සිටි ඩැනියෙලා නම් මෙම හෙදියට සේවයේ නියුතුව සිටියදී කොවිඩ් -19 වෛරසය වැලඳී තිබෙනවා.

තමාගෙන් අන් අයටත් මෙය බෝවෙනු ඇතැයි ඇය දැඩි මානසික ආතතියකයින් පසු වූ බවයි එරට "හෙද පදනම"නිකුත් කල නිවේදනයක සඳහන් වන්නේ.

ඉන් පසුව ඇය මෙලෙස සිය දිවි හානි කරගෙන තිබෙනවා.
34 වෙනි වියෙහි පසුවන ඇයට මෙම රෝගය වැලඳී ඇති බව තහවුරු කරගෙන තිබෙනුයේ පසුගිය 10 වෙනිදායි.ඉන් පසුව ඇය ප්‍රතිකාර සඳහා ද යොමුකොට තිබෙනවා.

ඉතාලියේ සෞඛ්‍ය සේවකයන්ගෙන් 5760 කට පමණ කොරෝනා රෝගය ආසාදනය වී තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා  කරන්නේ.