Tuesday, August 11, 2020
/ - Advertising - 0773953664 | General line - 0115112241 | - [email protected]

මහින්ද දේශප්‍රියගේ නිවස හොරු කඩයි

4631Views

මැතිවරණ කොම්සමේ සභාපති මහින්ද දේශප්‍රියගේ අම්බලන්ගොඩ පිහිටි නිවස සොරුන් බිඳ ඇති බව අම්බලන්ගොඩ පොලීසිය සඳහන් කර සිටිනවා.

නිවසේ පිටුපස පිහිටි නාන කාමරය අසල බිත්තියේ ඇති කුහරයකින් සොරා නිවෙස තුලට ඇතුල්වී ඇති බවයි පොලිසිය සඳහන් කර සිටියේ. සොරා නිවස තුල ඔබ මොබ ඇවිද ඉන් පසුව ප්‍රධාන දොරෙන් පිටව ගොස් ඇත.

නිවසේ ඉදිරිපිට දොර විවෘතව ඇතැයි අසල්වාසියකුගේ දැනුම්දීමකට අනුව සොයා බැලීමකදී සොරුන් බිඳ ඇති බව අනාවරණය වී ඇත. මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාගේ මෙම නිවස අම්බලන්ගොඩ – බටපොළ මාර්ගයේ අම්බලන්ගොඩ පෝරඹ ප්‍රදේශයේ මාර්ගය අයිනේ පිහිටා ඇති බවත් එය දැනට කාලයක් තිස්සේ සිටම වසා දමා තිබෙන බවත් පොලීසිය සඳහන් කළා.

සොරුන් විසින් නිවසින් කිසිවක් රැගෙන ගොස් නොමැති බවත් අම්බලන්ගොඩ පොලීසිය මේ පිළිබදව වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.