Sunday, June 7, 2020
/ - Advertising - 0773953664 | General line - 0115112241 | - [email protected]

ස්වයං නිරෝධායනයේ යෙදී සිටි යුවළක් අතර ඇතිවූ ගැටුමකින් පසු සැමියා බිරිඳ ඝාතනය කරයි

5502Views

ස්වයං නිරෝධායනයේ යෙදී සිටි යුවළක් අතර ඇතිවූ ආරවුලක් හේතුවෙන් එම සැමියා විසින් බිරිඳ ඝාතනය කළ පුවතක් බ්‍රිතාන්‍යයෙන්  වාර්තා වනවා. කොවිඩ් 19  නිසා කෝප වූ අදාල සැමියා ඔහුගේ භාර්යාව මරණයට පත්කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා  සඳහන් කර තිබුනේ.

කෙසේ වෙතත් භාර්යාව මරණයට පත් කිරීමේ චෝදනාව මත සැකකාර සැමියා අත්අඩංගුවට ගෙන ඇති බව එම මාධ්‍ය වාර්තා පෙන්වා දී තිබුණා.

ඇන්තනි විලියම්ස් නමැති 67 හැවිරිදි විශ්‍රාමිකයකුට මෙම චෝදනාව එල්ල වී ඇති අතර ඔහු තම බිරිය සමඟ ස්වයං නිරෝධායනයේ යෙදෙමින් සිටියදී මෙම ආරවුල ඇතිව තිබූ අතර රූත් නමැති 62 හැවිරිදි ඔහුගේ බිරිය සිහිසුන්ව සිටියදී රෝහල්ගත කර තිබුනද  පසුව ඇය මියගිය බවයි සදහන් වුනේ.

මේ අතර ජනතාව මෙලෙස නිවස තුලටම වී සිටිමේදී  ගෘහස්ථ හිංසනය වර්ධනය විය හැකි බවට වසංගතයේ මුල් අවධියේදීම සමාජ විශ්ලේෂකයන් අනතුරු අඟවා තිබූ අතර පසුගිය දිනවලදී ශ්‍රී ලංකාවේද ගෘහස්ථ හිංසනය සම්බන්ධයෙන් පුවත් වාර්තා වුනා.

Coronavirus UK: Family found dead in lockdown murder-suicide ...