Sunday, June 7, 2020
/ - Advertising - 0773953664 | General line - 0115112241 | - [email protected]

කොරෝනාට එරෙහි සටනේ සිටින නිළධාරින් විවේජනය කරන අන්තර්ජාල වීරයන්ට වැඩ වරදියි

1888Views

කොරෝනා වයිරසය රට තුළ පැතිර යාම වැලැක්වීම සදහා උපරීම කැපවීමෙන් ක්‍රියා කරන රාජ්‍ය අංශයේ නිලධාරීන්ගේ රාජකාරි විවේචනය කරමින් , සුළු අඩුපාඩු මතුකර පෙන්වමින් අසත්‍ය හා ද්වේෂ සහගත ප්‍රකාශ අන්තර් ජාලය තුළ ප්‍රසිද්ධ කරන පුද්ගලයන්ට අත්අඩංගුවට ගෙන ඔවුන්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බව ශ්‍රීලංකා පොලීසිය සදහන් කරයි.

රාජ්‍ය නිලධාරීන් කැපවීමෙන් කරන රාජකාරි විවේදනය කරමින්, ඔවුන්ගේ රාජකාරියට බාධා කරමින් සහ ඔවුන්ට බැන තර්ජනය කරමින් අසත්‍ය වීඩියෝ පට හා අන්තර්ජාලය තුළ ප්‍රසිද්ධි කර ඇති බවට තොරතුරු හෙළි ඇති බවත් ඒ අනුව මෙම පියවර ගත්බව පොලිසිය සදහන් කරයි

එවැනි ක්‍රියාවන් අන්තර් ජාලයට මුදා හරින තැනැත්තන් අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කර නීතිමය පියවර ගන්නා ලෙසට වැඩබලන පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පතිවරයාට සහ සියලූ පොලිස් ස්ථානාධිපතිවරුන්ට දැනුම් දී ඇති බවද වාර්තාවෙයි