Sunday, June 7, 2020
/ - Advertising - 0773953664 | General line - 0115112241 | - [email protected]

කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 183 දක්වා ඉහල යද්දී සුවය ලැබූ තවත් 04 ක් රෝහලෙන් පිටව යයි

735Views

තවත් කොරෝනා වෛරස ආසාදිතයින් තිදෙනෙකු හඳුනාගෙන ගැනීමත් සමඟ මෙරටින් වාර්තා වන සමස්ථ කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 183 දක්වා ඉහල ගොස් තිබෙන බව වසංගත රෝග විද්‍යා අංශය ප්‍රකාශ කරනවා.

මේ අතර කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වීම හේතුවෙන් මෙරටදී සිදු වූ හය වැනි මරණය අද උදෑසන වාර්තා වුනා. ඒ අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතන  රෝහලෙන්.

එලෙස මියගොස් තිබුණේ දෙහිවල ප්‍රදේශයේ පදිංචි කරුවෙකු වන වයස අවුරුදු 80 ක පුද්ගලයෙක්.

මේ අතර අද දිනයේදීද මේ දක්වා කාලය තුල තවත් කොරෝනා වෛරසය ආසාදනය රෝගීන්  සිව්දෙනෙක් පූර්ණ සුවය ලබා රෝහලෙන් පිටත්ව ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කළා.

ඒ අනුව මේ වන විට වෛරසයෙන් පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටවගොස් සිටින පිරිස 42 ක්.