Sunday, June 7, 2020
/ - Advertising - 0773953664 | General line - 0115112241 | - [email protected]

ඔවුන්ට තිබුණා කලින් දැනුම් දෙන්න - අමෙරිකානු ජනාධිපති ලෝක සෞඛ්‍ය සංවිධානය සමඟ උරණ වෙයි

4052Views

ලෝක සෞඛ්‍ය සංවිධානය කොරෝනා වයිරසය පිළිබඳ වැරැදි තොරතුරු ලබා දුන් බවත්, ඔවුන්ට මීට මාස ගණනකට පෙර අනතුරු හැඟවීමට තිබූ බවත් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කරනවා. කොරෝනා වසංගතයේ නවතම තොරතුරු දැනුම්දීම සඳහා ධවල මන්දිරයේදී දිනපතා පැවැත්වෙන මාධ්‍ය හමුවට එක්වෙමින් ජනාධිපතතිවරයා මේ බව ප්‍රකාශ කර තිබුණා.

ඒ අනුව ඇමෙරිකා එක්සත් ජනපදය විසින් ලෝක සෞඛ්‍ය සංවිධානයට  මුදල් නොදෙන බවත් මෙතෙක් කරන ලද මූල්‍ය පරිත්‍යාග කපාහරින බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

එසේම එම සංවිධානය චීනයට පක්ෂපාතී බවත් ඊට එරෙහිව දැඩි පියවරක් ගන්නා බවත් ඇමෙරිකානු ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබෙනවා.

කෙසේ නමුත් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර තිබුණ‍ේ ජනවාරි සහ පෙබරවාරි මාසවලදී කොරෝනා වයිරසය සම්බන්ධයෙන් ඇමෙරිකානු ජනාධිපතිවරයාට දැනුම් දුන්නද ඔහු ඒවා ගණනකටවත් ගෙන නොමැති බවයි. එසේම  ලෝක සෞඛ්‍ය සංවිධානය කොරෝනා වෛරසය ගෝලීය වසංගතයක් යැයි ප්‍රකාශ කිරීමෙන් පසුව ද ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් එය එතරම් ගණනකට නොගත් බව එම මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කර තිබුණා.