Sunday, June 7, 2020
/ - Advertising - 0773953664 | General line - 0115112241 | - [email protected]

කොරෝනා නිසා අසරණ වුන ජනතාව වෙනුවෙන් තම මානුෂීය යුතුකම ඉටුකළ නියෝජ්‍ය පොලිස්පතිවරයා (PHOTOS)

1912Views

කොරෝනා වෛරසය ව්‍යාප්ත වීමත් සමඟ රටතුල ඇතිවී තිබෙන තත්වය හමුවේ අසරණ වූ බොහෝ දෙනෙකු වෙනුවෙන් මෙරට ආරක්ෂක අංශ විසින් සිදුකළ මානූෂීය ක්‍රියාන්විතයන් අප ඉතා ඉහලින්ම ඇගයීමට ලක්කළ යුතු වනවා. ඒ අනුව මෙරට ආරක්ෂක අංශ විසින් සිදුකළ උතුම් සත්කාරයන් පිළිබඳ අප නිරන්තරයෙන්ම වාර්තා කළා.

ඒ අනුව අද දිනයේදීද මාතර හා හම්බන්තොට දිස්ත්‍රක් නියෝජ්‍ය පොලිස්ති දීපාල් පලිහක්කාර මහතා විසින් සිය බල ප්‍රදේශයේ දුප්පත් ජනතාව වෙනුවෙන් ආහාර සහ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය පරිත්‍යාග කිරීමට කටයුතු යොදා තිබුණා. එසේම ප්‍රදේශයේ ඇති පිරිවෙන් සඳහාද එම පරිත්‍යාගයන් සිදුකර තිබුණා.

මේ අතර මේ දිනවල සියළුම ජනතාව නිවෙස් තුලටම වී සිටීම නිසා ආහාර සොයා ගැනීමට නොහැකව සිටින සතුන් වෙනුවෙන්ද ආහාර ලබාදීමට නියෝජ්‍ය පොලිස්පතිවරයා කටයුතු කර තිබෙනවා.