Sunday, June 7, 2020
/ - Advertising - 0773953664 | General line - 0115112241 | - [email protected]

07 වන කොරෝනා මරණය වාර්තා වෙයි - ආසාධිතයින් සංඛ්‍යාව 188 ක්

1214Views

කොවිඩ් 19 වෛරසය වැළදීමෙන් තවත් පුද්ගලයෙක් ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. ඒ අනුව මෙරටින් වාර්තා වන 07 වන කොවිඩ් 19 අසාධිත මරණය මෙය වනවා. සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ මෙලෙස මිය ගොස් ඇත්තේ අංගොඩ IDH රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි 48 හැවිරිදි පුද්ගලයෙක් බවයි.

මේ අතර  කොරෝනා වෛරසය ආසාධනය වූ රෝගීන් සංඛ්‍යාව 188ක් දක්වා ඉහළ ගොස් ගොස් තිබෙනවා. ඒ අද දිනයේදී තවත් කොවිඩ් 19 ආසාධිතයින් තිදෙනෙකු හඳුනා ගැනීමත් සමඟයි.

සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල් විශේෂ වෛද්‍ය අනිල් ජාසිංහ සඳහන් කර සිටියේ මෙලෙස හමුවූ කොරෝනා රෝගීන් දෙදෙනා මිට පෙර රත්නපුර ප්‍රදේශයෙන් හමුවූ මැණික් ව්‍යාපාරිකයාගේ ඥාතින් බවත් අනෙක් පුද්ගලයා කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි පුද්ගලයෙකු බවත්ය.