Sunday, June 7, 2020
/ - Advertising - 0773953664 | General line - 0115112241 | - [email protected]

ආදරණීයයන්ගෙන් දුරස්වී දිවා රෑ වෙහෙසෙන සෞඛ්‍ය අංශ වෙනුවෙන් PAY MASTER වෙතින් නොමිලේ රීලෝඩ් (PHOTOS)

697Views

Covid 19 වෛරසයේ ව්‍යාප්තියත් සමඟ ඊට එරෙහි සටනේ නියුතු විරුවන් අතරින් වෛද්‍යවරුන්, හෙද හෙදියන්,ස‍ාත්තු සේවක සේවිකාවන් ඇතුළු සෞඛ්‍ය සේවය නියෝජනය කරන සියළුම දෙනා මේ මොහොතේ විශාල අවධානමක් දරමින් රෝගීන් සුවපත් කිරීමේ මෙහෙයක නිරත වෙමින් සිටිනවා.

ඒ අනුව තම ආදරණීයන්ගෙන් පවා වෙන්වී දිවා රූ නොබලා ඔවුන් සිදුකරන මෙහෙය අගය කිරීමට Pay Master Solution  ආයතනය කටයුතු කර තිබෙන අතර එහි එක් පියවරක් ලෙස IDH රෝහලේ කාර්ය මණ්ඩලයේ ප්‍රයෝජනය සඳහා රුපියල් 250,000 ක රීලෝඩ් ලබා දීමට ඔවුන් කටයුතු කර තිබෙනවා.

රට තුල පවතින තත්වය හමුවේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ කාර්ය මණ්ඩල සඳහා සිය නිවසට පවා යෑමට නොහැකි මොහොතක ඔවුන්ගේ ආදරණීයයන් සමඟ සබඳතා පවත්වා ගැනීම සඳහා Pay Master Solution ගත් මෙම පියවර හරහා, සියයට සියයක්ම අපේම රටේ දේශීය තාක්ෂණය සහ දැනුම උපයෝගී කොට ගෙන නිර්මාණය කල ජංගම දුරකථන යෙදවුමක් වන   Pay Master App එක භාවිතා කරමින් ඔවුන් සිටිනා ස්ථානයේ සිටම ඉතාම පහසුවෙන්  දුරකථන රීලෝඞ් කරගැනීමේ අවස්ථාව හිමිවනවා.

ඒ අනුව  ජාතික බෝවන රෝග විද්‍යාතනයේ පරිපාලනාධිකාරිය වෙනුවෙන් එහි අධ්‍යක්ෂ වෛද්‍ය හසිත අත්තනායක,නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය චින්තා වීරසූරිය සහ කායික රෝග විශේෂඥ වෛද්‍ය ආනන්නද විජේවික්‍රම යන මහත්ම මහත්මීන් විසින් අදාල ප්‍රධානයන් සංකේතාත්මකව ලබාගත්තා.

එහිදී මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ  Pay Master Solution ආයතනයේ ප‍්‍රධාන විධායක නිලධාරී රන්සික ද සිල්වා ප්‍රකාශ කළේ "කොරෝනා වෛරසයට එරෙහිව IDH රෝහලේ කාර්ය මණ්ඩලය විශාල කැප කිරීමක් සිදු කරනවා. ඒ මුළු රට වෙනුවෙන්මයි. ඔවුන්ට ඔවුන්ගේ විවේකයක් ලැබෙන අවස්ථාවේදී පවුලේ සමීපතමයින් සමග දුරකතන මාර්ගයෙන් කතා බහක නිරත වීමට අවශ්‍ය සහයක් තමයි අපි හරහා සිදු කළේ." යනුවෙනි.  

මේ අතර රට තුල ක්‍රියාත්මන ඇඳිරිනීතිය නිසා නිවසින් බැහැරට යාමට නොහැකි බොහෝ දෙනෙකු සිය රීලෝඩ් අවශ්‍යතාවයන් සපුරා ගැනීම සඳහා Pay Master App එක යොදා ගැනීම කෙරෙහි අවධානය යොමුවී තිබෙනවා.

ඒ අනුව  මේ වන විටත් දිවයින පුරා දස දහස් ගණනකට අධික පාරිභෝගික පිරිසක් තම දෛනික රීලෝඞ් අවශ්‍යතා සඳහා Pay Master App එක යොදා ගන්නා අතර මේ මොහොතේ තම සේවය අවශ්‍ය  ඕනෑම ආයතනකට එම සේවය විශේෂයෙන් ලබාදීම සඳහා තම කාර්ය මණ්ඩලය සූදානම්ව සිටින බවයි Pay Master Solution ආයතනය ප්‍රකාශ කරන්නේ.

තවද පවතින හදිසි තත්වය යටතේ  තම පාරිභෝගිකයන්ගේ අවශ්‍යතා සපුරාලීම සඳහා හිමිදිරි උදෑසන සිට මධ්‍යම රාත‍්‍රිය පසුවන තුරුම සිය උපකාරක සේවා ලබාදීමට Pay Master Solution ආයතනයේ සේවක මණ්ඩලය කැපවී සිටින අතර ජාත්‍යන්තරව පිළිගත් ඉහලම තත්වයේ අන්තර්ජාල ආරක්ෂණ ක‍්‍රමවේදයන් වලට අනුකූලව නිර්මාණය කර ඇති Pay Master App එක ආරක්ෂාකාරී ඔන්ලයින් ගෙවීම් සඳහා වන ශ‍්‍රී ලංකා මහ බැංකුව විසින් නිර්දේශිත ක‍්‍රමයන් යටතේ නිර්මාණය කර තිබෙනවා.