Sunday, June 7, 2020
/ - Advertising - 0773953664 | General line - 0115112241 | - [email protected]

කොරෝනා වෛරසයට එරෙහිව සටන් කරන සියළු නිළධාරීන් වෙනුවෙන් HHCO Industries වෙතින් විශේෂ ආරක්ෂිත හිස්වැසුමක් (PHOTOS) (VIDEO)

891Views

කොරෝනා වෛරසයට එරෙහිව දිවා රෑ නොබලා සේවය කරන සියළු නිළධාරීන්ගේ ආරක්ෂාව වෙනුවින් විශේෂ ආරක්ෂිත හිස්වැසුමක් නිෂ්පාදනය කර බෙදා හැරීමට මෙරට නැගී එන ව්‍යාපාර ආයතනයක් වන HHCO Industries කටයුතු කළා. නෙත් FM  විශ්වකර්ම පෙළහරට සමගාමීව මෙම ආරක්ෂිත හිස්වැසුම් බෙදී දීමටයි කටයුතු කෙරුණේ.

ඒ අනුව එහි පළමු අදියර වශයෙන් HHCO Industries පුද්ගලික සමාගමේ අධිපති චින්තක සංජීව ගනේගොඩ මහතා විසින්, නෙත් FM ආයතනයට HHCO ආරක්ෂිත හිස්වැසුම් 250 ක් ලබා දුන් අතර එම ආරක්ෂිත හිස්වැසුම්, දිවයින පුරා සිටින මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන්, ග්‍රාම නිලධාරීන් සහ ආරක්ෂක අංශ නිලධාරීන් වෙත බෙදාහැරීමට නියමිතව තිබෙනවා.

HHCO ඉන්ඩස්ටී‍්‍රස් පුද්ගලික සමාගම විසින් සිය ප‍්‍රමුඛතම අනන්‍ය සන්නාමය වන HHCO යටතේ බයිසිකල් හෙල්මට් සහ අමතර උපාංග නිෂ්පාදනය කරමින් මේ වන විට යතුරුපැදි කර්මාන්ත අංශයේ නැගී එන ව්‍යාපාරයක් ලෙස වෙළඳපල තුල ස්ථානගත වී සිටින ප්‍රමුඛතම ආයතනයක් වන අතර දිවයින පුරා පිහිටි අලෙවි නියෝජිතායතන සමූහයක් ඔස්සේ දැවැන්ත සේවා ජාලයක් පවත්වාගෙ යමින් HHCO ඉන්ඩස්ටී‍්‍රස් පුද්ගලික සමාගම සිය පාරිභෝගිකයින් සඳහා ඉතා විශිෂ්ඨ සේවාවක් ලබා දීමට කටයුතු කරමින් සිටිනවා.

ඒ අනුව පාරිභෝගික ආරක්ෂාව උදෙසා තීරණාත්මක සාධකයක් වන නිෂ්පාදනයේ නිරවද්‍යතාවය හා සුවපහසුව ගැන හොඳින්ම අවබෝධ කරගත් HHCO ඉන්ඩස්ටී‍්‍රස් පුද්ගලික සමාගම සිය නිෂ්පාදන ක‍්‍රියාවලිය සඳහා ලෝකයේ ඉහලම තාක්ෂණයෙන් යුත් ඉන්ජෙක්ෂන් මෝල්ඩින් යන්ත්‍රෝපකරණ යොදා ගෙන තිබෙනවා.

තවද සමාගම සතු ස්වකීය පරීක්ෂණ විද්‍යාගාරය මගින් නිෂ්පාදන ක‍්‍රියාවලියේ සෑම පියවරකටම අදාල ප‍්‍රමිතිය තහවුරු කරන අතර ශ‍්‍රී ලංකා ප‍්‍රමිති ආයතනය මගින් අනුමත කරන ලද හෙල්මට් සඳහා වන SLS 517 තත්ත්ව සහතිකයට අදාල පරිසාධන මට්ටම් සම්පූර්ණ කර ඇති නිෂ්පාදන ආයතනයක් වන නිසා ඔබටද ඉත් විශ්වාසයෙන් යුතුව HHCO ආරක්ෂිත හිස්වැසුම් ලබා ගැනීමේ හැකියාව උදාවී තිබෙනවා.