Tuesday, September 29, 2020
/ - General line - 0115112241 | - [email protected]

ඇඳිරි නීතිය නිසා ගෙදර යන්න බැරිවුන ලොකු පුතා බැංකුවෙ ඉඳන් අම්මට යවපු ලියුම (VIDEO)

4615Views

ආදරණීය අම්මේ

අම්මට කොහොමද? තාම අතේ අමාරුව සනීප නැද්ද? ඇඳිරිනීතිය පටන් අරන් දැන් දවස් 30කට ලඟයි නේද? හැමෝම ගෙදරින් පිට නොයා පරිස්සමට ඉන්නව කියා මම හිතනව.. මට කොළඹ ඉද්දි නිතරම ගෙදර මතක් වෙනව..

මට බෝඩිමේ උයාගන්න කෑම තියෙනව. කොළඹ තනි වෙලා හිටියට අපි බැංකුවෙ අනිත් අයත් එක්ක කරන දේවල් දැක්කම හිතට පොඩි ආඩම්බරයක් දැනෙනවා.. ඇඳිරිනීතිය තිබ්බට අපි අපේ බැංකු ඇරිය කොහොම හරි. අත්‍යාවශ්‍ය සේවයක් නිසා මේ වෙලාවෙ අපි එක්ක ගනුදෙනු කරපු අයව ඇතෑරල බැහැ.. ATM යන්ත්‍ර දෙකක් අරගෙන මේ දවස්වල අපි අපේ බ්‍රාන්ච් එක පැත්තෙ කස්ටමස්ල ලගටම ගියා. සමහර මහත්තුරු සල්ලි ගන්න ගමන් අපිට ස්තුතිත් කරනව. කොච්චර කෑම ලොරි ගෙවල් ලඟින් ගියත් බැංකුවට යාගන්න බැරුව එයාල හිරවෙලාලු හිටියෙ. සමහර වයසක අම්මල අරන් එන ඕනම බැංකු කාඩ් එකකින් අපි සල්ලි අරන් දුන්න.

සිරිවර්ධන මහත්තයගෙ පැන්ශන් එක මම බැංකුවෙන් අරන් ගෙදරටම ගිහින් දුන්න. බැංකුවෙ වැඩට ආපු කාලෙ ඉඳලම මාත් එක්ක ගනුදෙනු කරපු හැමෝම මේ දවස්වල අපහසුතාවයට පත්වෙලා ඉද්දි එයාලව අමතක කරල ගෙදර ඇවිත් ඉන්න මට අමාරුයි..

නිතරම බැංකුවට යන එන, බිස්නස් එකක් අමාරුවෙන් පටන් අරන් දියුනු කරගෙන ආපු ගොඩක් අයට මේ දවස්වල අමාරුයි. ඒ අයට මහ බැංකුවෙන් දීපු සහන වලට අමතරව අපේ බැංකුවෙනුත් සහන ගොඩක් දීපු එකනම් හරි වටිනව. බාප්පටත් කියන්න මහ බැංකුවෙන් දීපු මාස තුනක ණය ආපසු ගෙවන සහනෙ ගන්න අද හෙටම ලගම බැංකු ශාඛාවට ලියන්න කියල ලියුමක්. නංගිට කියල ලියවගන්න. එයා දන්නව ලියන විදිය.

බැංකුවට නිතර ආගිය සිල්ලර කඩ තියෙන මුදලාලිල කීප දෙනෙක්ටම මම කතා කරල කිව්ව සර් ඩිලිවරි සර්විස් එකක්වත් කරමු බිස්නස් වැටෙන්න දෙන්න බැහැනෙ කියල. එයාලට හරි සතුටු හිතුන බැංකුවෙන් කතා කරල හොයල බලපු එකට. දැනටමත් ඩිලිවරි වැඩේ පටන් අරන් තියෙන මහත්තයෙක්ට මම කඩේටම ගිහිල්ල දුන්න mPay කියල පොඩි ගැජට් එකක් ගෙනිහින් දුන්න. දැන් ඒ සර්ට සල්ලි අල්ලන්නෙ නැතුව ක්‍රෙඩිට් කාඩ් වලින්ම ගනුදෙනු කරතැහැකි. මම තකහනියක් අද දවසෙම ATM එකත් එක්ක ඔට්ටු වෙලා හවස එනගමන් ඒ මහත්තය හම්බෙලා ඒකත් දීගෙනම ආවෙ හෙට යන්න වෙන්නෙ නැති නිසා. හෙට දවසෙම බ්‍රාන්ච් එකේ වැඩ. ඉවර වෙන වෙලාව කීය වුනත් කවද මේ ප්‍රශ්නෙ ඉවර උනත් මම දිගටම වැඩ කරනව අම්මෙ.. අපේ කස්ටමස්ලට උදව් කරන්න ලඟින් ඉන්න මේ වගේ වෙලාවක් ආයෙ එන්නෙ නැහැ. ඇඳිරිනීතිය වෙලාවෙ රාජකාරියට බැංකුවෙ හැදුනුම්පතත් වලංගුයි. හැමදාම හවසට බෝඩිමට ඇවිල්ල හැදුනුම්පත ගලවද්දි මට දවස ගැන සතුටක් එනව..

අවුරුද්දට ඇඳුම් මුකුත් අරගෙනනම් එන්න බැරි වුනා මේ පාර. නංගිට කියන්න තරහ වෙන්න එපා කියල. මේ පාර අවුරුද්දට නෑදෑ ගෙවල් වල යන්නත් නැහැ නේද.. මටනම් නෑදෑ ගෙවල්වලින් වෙනද ලැබෙන ආදරේ මෙදා පාර මම සේවය කරන මිනිස්සුන්ගෙන් ලැබෙනව. අම්මගෙ වයසෙ අම්මල දකිද්දි මට ගෙදරත් මතක් වෙනව..

අම්මල පරිස්සමින් ඉන්න..
මීට ලොකු පුතා..