Sunday, June 7, 2020
/ - Advertising - 0773953664 | General line - 0115112241 | - [email protected]

තමන් ගැන පළවන වාර්තා අසත්‍යයි - අජිත් රෝහණ මහතාගේ දියණියගෙන් වීඩියෝ පණිවිඩයක්

6670Views

විදෙස් රටක අධ්‍යාපනය ලබන සිය දියණිය මෙරටට ගෙන්වා නිරෝධායනය සඳහා යොමු නොකොට ඇය නිවසට රැගෙන ගිය බවට පළ වල වාර්ථා අසත්‍ය බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා පවසනවා.

එසේම මේ සම්බන්ධයෙන් බෙලරුස් හී අධ්‍යාපනය ලබමින් සිටින නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතාගේ දියණිය සමාජ මාධ්‍ය ඔස්සේ වීඩියෝ පණිවුඩයක් තබමින්ද එම පුවත අසත්‍ය බව ප්‍රකාශ කළා.

අදාල වීඩියෝව මඟින් ඇය පෙන්වා දී තිබුණේ තමන් තවමත් රැඳි සිටින්නේ බෙලරූස් හී බවත්, තමන්  මුහුණ දීමට සිටින විභාගය ඉදිරි මාසය තුළදී පැවැත්වෙන අතර එම විභාග කටයුතු අවසන් වීමෙන් පසු දිවයිනට පැමිණෙන බවත්ය.