Sunday, June 7, 2020
/ - Advertising - 0773953664 | General line - 0115112241 | - [email protected]

ආරාධනා කළත් බෑ කියලා..සරත් ෆොන්සේකා විරු සැමරුමට නෑවිත් රාජිත වෙනුවෙන් පැවති විරෝධතාවයට ගිහිල්ලා

5224Views

සරත් ෆොන්සේකා මහතා ඊයේ පැවති විරු සමරුවට එක් නොවූයේ ඇයිදැයි බොහෝ දෙනාගේ අවදානයට බදුන් වී තිබේ.

කෙසේ වෙතත් ඔහු මෙම  විරු සැමරුවට සහභාගී නොවී ඇත්තේ රාජිත සේනාරත්න නිදහස් කරන ලෙස ඉල්ලා පැවති විරෝධතාවයට සහභාගී වූ නිසා බව වාර්තා වේ.

ඔහු මෙම විරෝධතාවයට එක්වූ ජායාරූප කිහිපයක්ද ඔහුගේ ෆේස්බුක් පිටුවට එක්කර තිබුණි.

කෙසේ වෙතත් මේ පිලිබදව කරුනු දැක්වූ ශවේන්ද්‍ර සිල්වා මහතා ඊයේ පැවති  රූපවාහිනි වැඩසටහනකට එක්වෙමින් සදහන් කළේ මෙවැන්නකි.

සරත් ෆොන්සේකා මහතාට රණවිරු සැමරුමට ආරාධනා කරන්න කියලා ජනාධිපතිතුමා උපදෙස් ලබා දුන්නා .ඒ අනුව ආරක්ශක ලේකම්තුමා පෞද්ගලිකවම එතුමට ආරාධනයක් කරනු ලැබුවා.ඒ වෙලාවේ ඔහු කියලා තිබුණා මට දැනුම් දෙන්නම් කියලා ඔහුගේ වැඩසටහන් බලලා.ඒ අනුව පෙරේදා රාත්‍රීයේ සරත් ෆොන්සේකා මහතා කතා කරලා කීවා ඔහුට තිබෙන වැඩසටහන් නිසා එන්න අපහසුයි කියලා..