දැනට පවතින තත්ත්වය අනුව ජූනි මස 20 දා පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමට නොහැකි බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය සිය නීතිඥවරයා හරහා අද ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබෙනවා.
ඒ අනුව කොරෝනා වෛරසයට අදාළව කටයුතු කරන සෞඛ්‍යය අංශ ඇතුළු බලධාරීන්ගෙන් සුබදායි නිර්දේශයක් ලැබුණහොත් ජුනි මස 20 පසුවී සති 9 ක් හා සති 11 ක් අතර කාලය තුළ මැතිවරණය පැවැත්විය හැකි බව අධිකරණයට දැනුම් දී තිබෙනවා.
මහින්ද දේශප්‍රිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් විසින් මේබව අධිකරණයට දැනුම් දෙනු ලැබුවා.