ආනයනය කෙරෙන ආහාර ද්‍රව්‍ය රැසකට අද (22) සිට මාස 6 ක කාලයක් සඳහා බලපැවැත්වෙන පරිදි විශේෂ වෙළඳ භාණ්ඩ බදු ඉහළ දමා තිබෙනවා.
ඒ අනුව මයිසුර් පරිප්පු කිලෝවක් සඳහා රු. 5-10ත් අතර, සැමන් කිලෝවක් සඳහා රු.100ක්, ඇපල් කිලෝවක් සඳහා රු. 100, මිදී කිලෝවක් සඳහා රු.125ක්, රට ඉඳි කිලෝවක් සඳහා රු.100ක් මිරිස් කුඩු කිලෝවක් සඳහා රු.100ක් ලෙස බදු පනවා ඇති අතර අර්තාපල් කිලෝග්‍රෑමයක් සඳහා රු. 50ක්, රතු ළුණු සහ සුදු ළුණු කිලෝග්‍රෑමයක් සඳහා රු. 50ක්, යෝගට් කිලෝග්‍රෑමයක් රු 800ක් ලෙස බදු පනවා තිබෙනවා.
මෙලෙස ඉහළ දමා ඇති සම්පූර්ණ වෙළඳ භාණ්ඩ ලැයිස්තුව පහතින්.