Sunday, June 7, 2020
/ - Advertising - 0773953664 | General line - 0115112241 | - [email protected]

''නෙත් FM පහේ පංතිය'' රේඩියෝ ශිෂ්‍යත්ව මාලාව මෙවරත් - ඔබේ දරුවාගේ නියත ජයග්‍රහණය වෙනුවෙන් අප සමඟ එක්වන්න...!

363Views

2020 ශිෂ්‍යත්ව විභාගයට යන පොඩ්ඩන්ට අත්වැලක් වීමේ අරමුණින් මෙවරත් ''නෙත් FM පහේ පංතිය'' රේඩියෝ ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණ මාලාව මැයි මස 23 වන සෙනසුරාදා සිට සෑම සෙනසුරාදාවකම හවස 5 සිට 6 දක්වා නෙත් FM රේඩියෝවෙන් විකාශය වනවා.

පසුගිය වසරේදී මෙන්ම ඔබ හොදින් දන්නා ප්‍රවීන දේශක සරත් ආනන්ද ගුරුතුමා විසින්  මෙම වැඩසටහන මෙහෙයවනු ලබන අතර දීර්ගතම නිවාඩුවක් ගත කරමින් සිටින ඔබේ දරුවාගේ මානසික මට්ටම මැනැවින් හඳුනාගෙන ඒ පිළිබඳව සුවිශේෂී අධ්‍යනයකින් පසුව මෙම වැඩසටහන් මාලාව සකස් කර තිබෙනවා.

මේ වර්ෂයේ දී ශිෂ්‍යත්ව විභාගයේ ආකෘතිය වෙනස් කිරීමකට ලක් වී ඇති අතර එය අධ්‍යනය කර එම ආකෘති වෙනසට අදාලව මෙම වැඩසටහන් මාලාව සම්පාදනයකොට ඇති අතර ඒ සඳහා දරුවන් යොමු කිරීමේ විශේෂ උපදෙස් සම්බන්ධයෙන්ද දරුවන් දැනුවත් කිරීම මෙහිදී සිදුවනවා.

එසේම විශේෂඥ දැනුම ඇති සම්පාදක මණ්ඩලයක් මගින්  ආදර්ශ ප්‍රශ්න පත්‍රය නිර්මාණය කර ඇති අතර විෂයානුබද්ධ කරුණු, අලුතින් විෂය පථයට එක්වූ කරුණු දෙමව්පියන්ට ගුරුවරුන්ට සහ විභාගයට පෙනී සිටින දරුවන්ට සහ ඔවුන්ගේ මනසට පහසු ලෙස ආමන්ත්‍රණය කිරීමද විශේෂත්වයක්.

තවද ආදර්ශ ප්‍රශ්න පත්‍රයේ විසදීමට අසීරු ගැටළු, කාලය ඉතුරු කර ගැනීමට පහසු ක්‍රියාමාර්ග, විෂය කරුණු මතක තබා ගැනීමට පහසු ක්‍රම ඇතුළු වටිනා විෂය කරුණු රැසක් මෙම වැඩසටහන හරහා ඔබේ දරුවාට සමීප කිරීමට සියළු කටයුතු සූදානම් කර ඇති මොහොතක ඔබේ දරුවාගේ නියත ජයග්‍රහණය සඳහා මෙම පාඩම් මාලාව සමග එකතු වන ලෙස අප ඔබට ආරාදනා කරන්නෙමු.

මෙම වැඩසටහන සඳහා සමනලදැනුම ප්‍රකාශයෝ විසින් මුද්‍රිත මාධ්‍ය අනුග්‍රහය ලබාදෙන අතර සම අනුග්‍රහය ලබා දෙන්නේ ඇස්ට්‍රා වෙතින්.

මේ සම්බන්ධයෙන් තවදුරටත් විස්තර  0711 95 95 95 දුරකතන අංකය ඔස්සේ ලබාගත හැකියි.