Monday, July 13, 2020
/ - Advertising - 0773953664 | General line - 0115112241 | - [email protected]

ඇඳිරි නීතිය අතරේ පාකිස්තාන ජාතිකයින් පිරිසක් මාතරදී යකා නටයි

3258Views

ඇදිරි නීතිය ක්‍රියාත්මක පවතින අද  (25) සවස මාතර වෙරල පාරට හදීසියේ පැමිණී පාකිස්තානූ ජාතිකයින් පිරිසක් පරික්ෂා කිරීමට යාමේ දී ඔවුන් ඊට විරෝධය පල කිරීමත් සමඟ උණුසුම් තත්වයක් ඇතිව තිබුණා. මෝටර් රථයකින් පැමිණී අදාල පුද්ගලයින්ගේ අනන්‍යතාවය හෙළි කර ගැනීමට පොලීසිය පළමුව උත්සාහ කර ඇති  අතර ඊට එහි සිටි පාකිස්තානු ජාතිකයින් තිදෙනා විරුද්ධත්වය ප්‍රකාශ කර තිබුණා.
 
ඒ අනුව අතිරේක පොලිස් කණ්ඩායමක් ද එම ස්ථානයට කැදවා තිබුණු අතර අදාල පාකිස්තාන ජාතිකයින් ප්‍රකාශ කර තිබුනේ 
ඔවුන් පාකිස්තානු තානාපති කාර්යාලයේ පිරිසක් බවත්, රාජ්‍ය තාන්ත්‍රික සබදතා මත පැමිණී බවත්ය.

එම අවස්ථාවේදී දැඩි ලෙස කලබලකාරීව හැසිරුණු ඔවුන් සිය මෝටර් රථය පිටුපසට ගැනීමේ දී රථ වාහන අංශයේ පොලිස් නිලධාරියෙකුට අයත් යතුරු පැදියක ද හැපී බිම පෙරලී තිබුණද එම සිද්ධියෙන් පොලිස් යතුරුපැදියට හානි සිදු නොවු බව එහි සිටි පොලිස් නිලධාරියෙකු ප්‍රකාශ කළේ.
 
එසේම එම අවස්ථාවේදී පාකිස්තානු ජාතීකයින් පිරිස පොලීසිය ඉදිරියේ සිගරට් දල්වා පානය කර තිබුණා.
 
ඒ සමගම මාතර මූලස්ථාන පොලීසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති නුවන් විජේතුංග හා රථ වාහන ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ප්‍රභාත් යන මහත්වරු පැමිණ පාකිස්තානු ජාතිකයින් සමග කතා කර තිබුණා.
 
පසුව වෙනත් මෝටර් රථයකින් පැමිණී පුද්ගලයෙකු අදාල පාකිස්තානු ජාතිකයින් තිදෙනාගේ අනන්‍යතාවය හා වලංගු රියදුරු හැදුනුම්පත ඉදිරිපත් කර ඔවුන් එම ස්ථානයෙන් කැදවා ගෙන ගොස් තිබූ අතර මෙම සිද්ධිය වාර්තා කිරීමට ගිය මාධ්‍යවේදීන්ට ද අදාල පාකිස්තානු ජාතිකයින් වීඩියෝ නොකරන ලෙසට බලපෑම් කර තිබුණා.
 
කෙසේ වෙතත් අදාල සිදුවීම සම්බන්ධයෙන් තානාපති කාර්යාලය මට්ටමින් පැමිණිලි කිරීමට බලාපොරොත්තු වන බවට අදාල පාකිස්තානු ජාතිකයින් දැනුම් දී ඇති අතර මාතර මූලස්ථාන පොලීසිය මේ පිළිබඳව පරීක්ෂණ මෙහෙයවනවා.