Monday, July 13, 2020
/ - Advertising - 0773953664 | General line - 0115112241 | - [email protected]

සමාජ ජාලවල හුවමාරුවෙන උසස් පෙළ කාල සටහන අසත්‍යයි - විභාග කොමසාරිස් ජනරාල් කියයි

597Views

මේ දිනවල සමාජ මාධ්‍ය ජාලා තුළ හුවමාරු වන  උසස් පෙළ විභාගය පැවැත්වෙන දින ඇතුළත් කාලසටහන අසත්‍ය එකක් බව   විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත සඳහන් කර සිටිනවා. 

ඒ අනුව උසස් පෙළ විභාගය සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය හා විභාග දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරනු ලබන නිල නිවේදන පිළිබඳව පමණක් විශ්වාසය තබා වගකීමෙන් කටයුතු කරන ලෙසයි විභාග කොමසාරිස්වරයා අවධාරණය කළේ.

රට තුළ මතුව ඇති අභියෝගාත්මක තත්ත්වය හමුවේ රටේ සමස්ත අධ්‍යාපනය සම්බන්ධයෙන් තීන්දු තීරණ ගත යුත්තේ ඉතා දූරදර්ශීව බවත් ඇතැම් පාර්ශව විසින් සමාජය නොමඟ යවනසුළු මෙබඳු පුවත් පළ කිරීම ඉතා කනගාටුදායක බවත් පෙන්වා දෙන විභාග කොමසාරිස්වරයා තැපැල් හා විදුලි සංදේශන කොමිසන් සභාව වෙත අදාළ සාවද්‍ය ප්‍රවෘත්තිය සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා ලෙස පැමිණිල්ලක්ද ඉදිරිපත් කර තිබෙනවා.