Monday, July 13, 2020
/ - Advertising - 0773953664 | General line - 0115112241 | - [email protected]

තොණ්ඩමන් වෙනුවට ජීවන්ට නාමයෝජනා දෙන්න - කම්කරු කොංග්‍රසය අගමැතිගෙන් ඉල්ලයි

2095Views

අභාවප්‍රාප්ත ආරමුගන් තොණ්ඩමන් වෙනුවෙන් ඉදිරි මහමැතිවරණයේදී නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් තරග කිරීම සඳහා ජීවන් තොණ්ඩමන්හට නාම යෝජනා ලබා දෙන ලෙස කම්කරු කොංග්‍රසය අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා. 

එම පක්ෂයේ උප සභාපති සෙන්දිල් තොණ්ඩමන්  විසින් මෙම ඉල්ලීම අග්‍රාමාත්‍යවරයා වෙත ඉදිරිපත් කර අැති බවයි අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ.

එසේම එම  පක්ෂයේ දේශපාලන මණ්ඩලය රැස්ව ගත් මෙම තීරණය සම්බන්ධයෙන් එහි සාමාජිකයින් අද විජේරාමේ පිහිටි නිල නිවසේදී අග්‍රාමාත්‍යවරයා හමුවී සාකච්ඡා කළ අතර එහිදී ආරුමුගන් තොණ්ඩමාන් වෙනුවට ඔහුගේ පුත් ජීවන් තොණ්ඩමන් මහ මැතිවරණයට ඉදිරිපත් කිරීමට ගත් තීරණය අග්‍රාමාත්‍යවරයා අගය කර අැති අතර ඒ සම්බන්ධයෙන් ඉදිරි පියවර ගන්නා බව ද සඳහන් කර තිබෙනවා.