Monday, July 13, 2020
/ - Advertising - 0773953664 | General line - 0115112241 | - [email protected]

හදිසියේම මෙරටට පැමිණි තොණ්ඩමන්ගේ වැඩිමල් දියණියට පියාගේ දේහය බැලීමට අවසර හිමිවෙයිද..?

6167Views

අභාවප්‍රාප්ත වතු කම්කරු කොංග්‍රසයේ නායක ඇමැති ආරුමුගම් තොණ්ඩමන් මහතාගේ වැඩිමහල් දියණියට සිය පියාගේ දේහය දැක බලාගෙන ඊට අවසන් ගෞරව දැක්වීමට තිබූ අවස්ථාව අහිමි වී තිබෙනවා.

වෛද්‍යවරියක වන කෝදේයි නාච්චියාර් තොණ්ඩමන් මෙනවිය  ඕමාන්හි මස්කට් නගරයේ සේවය කරන අතර සිය පියා අභාවප්‍රාප්ත වනවිට ඇය එහි රැඳී සිට තිබෙනවා.

කෙසේ නමුත් අවමංගල්‍ය උත්සවයට සහභාගී වීම සඳහා ඇයට හදිසියේ ශ්‍රී ලංකාවට පැමිණීමට අවශ්‍ය වුවද ඊට නිරෝධායන නීති හරස් වී ඇති අතර, පසුව තොණ්ඩමන් දියණිය මස්කට්හිදී පී.සී.ආර්. පරීක්ෂණයකට භාජන වී ඉන්දියාවේ කැලිකට් වෙත එන ගුවන් යානයකින් එරටට පැමිණ තිබෙනවා.

එහිදී ඇය සිය පියාගේ අවමංගල්‍යයට සහභාගි විය යුතු බව කියමින් වැළපෙමින් සිට ඇති අතර පසුව  පවුලේ ඥාතීන් විසින් කුලියට ගත් ගුවන් යානයක් මගින් කටුනායකට කැඳවාගෙන විත් තිබෙනවා. එහෙත් පවත්නා නිරෝධායන විධි විධාන අනුව ඇය දින 14ක කාලයක් නිරෝධායනය විය යුතු බැවින් මීගමුව ප්‍රදේශයේ හෝටලයක නිරෝධායනය සඳහා යොමුකර තිබුණු බවයි වාර්තා වුනේ.

කෙසේ නමුත් ඇය විශේෂ ගිලන් රථයක තබා ගනිමින් පිටස්තර ජනතාවගෙන් ඈත් කර, අද දිනයේ නුවරඑළිය ප‍්‍රදේශයේ පැවැත්වෙන අවසන් අවමංගල්‍ය උත්සවයට සහභාගි වීම සඳහා සෞඛ්‍ය අංශ අවසර ලබාදී ඇති බවටද තොරතුරු වාර්තා වුනා.