Monday, July 13, 2020
/ - Advertising - 0773953664 | General line - 0115112241 | - [email protected]

ඉඩමේ අයිතිය ගන්න නැගණිය මරාදැමූ අක්කා මීට පෙරත් බිළිඳෙකු ඝාතනය කරලා - මවට ලියූ ලිපියකින් සියල්ල හෙළි වෙයි

5546Views

ඌව කුඩාඔය තෙළුල්ල ජනපදයේ නයිගල්ආර ප්‍රදේශයේදී තම නැගණිය පොල්ලකින් ගසා මරාදැමූ දැනට රක්ෂිත බන්ධනාගාරගතව සිටින සැකකාරිය මීට වසරකට පමණ ඉහතදී ඇයට උපන් දරුවෙකු උපන් හැටියේම ඝාතනය කර වළදමා ඇති බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණයවී තිබෙනවා.

සැකකාර කාන්තාවගේ බෑගයක ඇයගේ මවට ලියන ලද ලිපියක සඳහන් තොරතුරු අනුව මෙම කරුණු අනාවරණය වී ඇති අතර  ඇය විසින් ප්‍රසූත කළ දරුවා උපන් හැටියේම ගෙල මිරිකා මරා දැමූ බව එහි සඳහන්ව ඇති බවයි වාර්තා වුනේ.

සැකකාර කාන්තාව සහ ඇයගේ අනියම් ස්වාමිපුරුෂයා මීට වසරකට පමණ ඉහතදී හෙට්ටිපොළ ප්‍රදේශයේ කුකුළ් ගොවිපොළක සේවය කරමින් සිටින අතරතුරදී ඇයට ලැබුණු දරුවෙකු උපන් අවස්ථාවේදීම ගෙල මිරිකා මරා දමා අනියම් පුරුෂයාගේද සහාය ඇතිව ඔවුන් නවාතැන් ගෙන සිටි කාමරයක පිටුපස වළදමා ඇති බව හෙළිවී තිබෙනවා.

ඒ අනුව මේ සම්බන්ධයෙන් හෙට්ටිපොළ පොලීසියට දැනුම්දී ඇති  අතර වළදමා ඇති දරුවාගේ මළ සිරුර සොයා ගැනීමට පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.