Monday, July 13, 2020
/ - Advertising - 0773953664 | General line - 0115112241 | - ne[email protected]

ආචාර්ය සංජීව වීරවර්ණ ICTA වෙතින් ඉල්ලා අස්වෙයි

1965Views

ආචාර්ය සංජීව වීරවර්ණ මහතා ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනයහි (ICTA) අධ්‍යක්ෂ මණ්ඩලයෙන් ඉල්ලා අස්වී තිබෙනවා. 

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඔහු ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනයහි අධ්‍යක්ෂ ධූරයකට පත් කරනු ලැබූ අතර රජය විසින් ආරම්භ කරන සියලුම තොරතුරු සන්නිවේදන තාක්ෂණ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ වගකීම දරනු ලබනන්නේ ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය මගිනි.

ICTA ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩලයට පත්වන විට එම ආයතනයේ කටයුතු වලට සක්‍රීයව දායක වූයේ මෙරටට අවශ්‍යය තාක්ෂණික විසඳුම් සෙවීමට කටයුතු කිරීමට බවත් මෙරට රාජ්‍ය කටයුතු ඩිජිටල්ගත කිරීම හරහා ඒකාබද්ධ කිරීමට කටයුතු සැලසුම් කරමින් සිටි බවත් සිය ඉල්ලා අස්වීිම සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් කරමින් ඔහු බ්ලොග් සටහනක් තබමින් සඳහන් කර තිබුණා.

නමුත් තමන් සක්‍රීයව ආයතනික කටයුතු කිරීමෙන් බැහැරවී අධ්‍යක්ෂවරු ලෙස පමණක් රාජකාරි කිරීමට ICTA ආයතනයේ සභාපතිවරයා සහ අනෙකුත් අධ්‍යක්ෂ මණ්ඩලයට අවශ්‍ය වූ නිසා එම ආයතනයෙන් ඉල්ලා අස්වීමට තීරණය කළ බවයි එමගින් පෙන්වා දී තිබුනේ.

එසේම ICTA ආයතනය තුල රාජකාරි කළ කාලය තුල ඉමහත් දැනුමක් ලබා ගත් බවත්, තමා මූලිකත්වය ගෙන කළ ව්‍යාපෘතිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට භාරදුන් දා සිට ඊට අදාල රැස්වීම් 50කට අධික සංඛ්‍යාවකට සහභාගි වෙමින් කැපවීමෙන් කටයුතු කළ බවත් , එනමුත් ආයතනය තුල තාක්ෂණික අංශයට ප්‍රායෝගිකව ඇති අවම ඇල්ම හේතුවෙන් තමාට එහි තවදුරටත් රැඳී සිටීමට අපහසු නිසා එම ආයතනයෙන් ඉවත් වීමට තීරණය කළ බවත් වැඩිදුරටත් සඳහන් කර තිබුනා.