Monday, July 13, 2020
/ - Advertising - 0773953664 | General line - 0115112241 | - [email protected]

තොන්ඩමන්ගේ අවමංගල්‍ය උත්සවයට ගිය මාධ්‍යවේදියෙක් ඇතුළු තිදෙනෙකුට කොරෝනා රෝග ලක්ෂණ

1735Views

හිටපු අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමන්ගේ අවමංගල්‍ය උත්සවය ආවරණය කළ හැටන් දිඹුල ප්‍රදේශයේ දමිල පුවත් පත් කිහිපයක ප්‍රාදේශිය මාධ්‍යයවේදියෙකු වශයෙන් කටයුතු කරන අයෙකු ඇතුළු තිදෙනෙකු අද (02) දින සිට දින 14 ක් ස්වයං නිරෝධනයට යොමු කල බව කොටගල මහජන සෞඛ්‍යය පරික්ෂක සෞන්දර් රාගවන් පවසනවා.

මෙලෙස ස්වයං නිරෝධායනයට ලක්කළ අනෙත් දෙදෙනා එම මාද්‍යවේදියාගේ නිවසේ සිටි අයෙකු සහ රියදුරෙකු බවයි වාර්තා වුනේ.

එම මාධ්‍යයවේදියා අභවප්‍රාප්ත හිටපු අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමන් ගේ  දේහය බත්තරමුල්ල ප්‍රදේශයේ ඔහුගේ නිවසේ සහ ලංකා කම්කරු කොන්ග්‍රස් මුලස්ථානයේ තැන්පත් කර තිබු අවස්තාව මාධ්‍යය ආවරණ කටයුතු සදහා එම ප්‍රදේශයට ගොස් ආපසු පැමිණීමෙන් අනතුරුව හිටපු අමාත්‍යවරයාගේ අවසන් කටයුතු සිදු කිරිමටද සහභාගී වී තිබෙනවා.

ඉන්පසු එම මාධ්‍යයවේදියාට කොරෝනා රෝග ලක්ෂණ කිහිපයක් මතු වි ඇති අතර, ඒ අනුව එම ප්‍රාදේශිය මාධ්‍යයවේදියා ඔහුට  දික්ඔය මුලික රෝහල වෙත ගොස් පි.සි.ආර් පරික්ෂණයක්ද සිදු කරගෙන ඇත.

ඒ අනුව පි.සි.ආර් පරික්ෂණ වාර්තාව ලැබිමෙන් අනතුරුව ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවත් යලිත් වතාවක් පි.සි.ආර් පරික්ෂණයකට යොමු කරන බවත්, එතෙක් එම ප්‍රාදේශිය මාධ්‍යයවේදියා අනෙකුත් දෙදෙනා හැටන් දිඹුල ප්‍රදේශයේ ඔහුන් පදිංචි නිවාස වලම ස්වයං නිරෝධනයට යොමු කල බවත් මහජන සෞඛ්‍යය පරික්ෂකවරයා වැඩි දුරටත් ප්‍රකාශ කළා.