Monday, July 13, 2020
/ - Advertising - 0773953664 | General line - 0115112241 | - [email protected]

පියාගේ අභාවයෙන් පුරප්පාඩු වු නාම යෝජනාව සඳහා ජීවන් අත්සන් තබයි

568Views

අභාවප්‍රාප්ත ආරුමුගම් තොණ්ඩමාන් මහතාගේ පුත් ජීවන් තොණ්ඩමාන් විසින් ඉදිරි මහ මැතිවරණයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් තරග කිරීම සඳහා  කොටගල පිහිටි ලංකා කම්කරු කොංග්‍රස් මුලස්ථානයේදි නුවරඑළිය දිස්ත්‍රික් නාම යෝජනා පත්‍රයට අද (04) අත්සන් තැබුවා.

ලංකා කම්කරු කොංග්‍රසයේ හිටපු නායක ආරුමුගම් තොණ්ඩමාන් මහතා නුවරඑළිය දිස්ත්‍රික්කය නියෝජනය කරමින් මෙවර මහ මැතිවරණයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ තරග කිරීමට සිටි අතර ඔහුගේ අභාවයෙන් පුරප්පාඩු වු නාම යෝජනාව සඳහා මෙලෙස ජීවන් තොණ්ඩමාන් මහතා අත්සන් කරනු ලැබුවා.

ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ නිලධාරීන් හා නීතිඥ මඩුල්ලක් ඉදිරියේ ජීවන් තොණ්ඩමන් මහතා නාම යෝජනා පත්‍රය සඳහා අත්සන් තබන ලද අතර එම අවස්ථාවට ලංකා කම්කරු කොංග්‍රසයේ උප සභාපතිවරුන්වන ඒ. පී. ශක්තිවේල්, මරදපාණ්ඩි රාමේෂ්වරන්, නීතිඥ පී. රාජතුරෙයි ඇතුළු තොණ්ඩමාන් පවුලේ සාමාජිකයෝ පිරිසක්ද එක්ව සිටියා.