Monday, July 13, 2020
/ - Advertising - 0773953664 | General line - 0115112241 | - [email protected]

සීෂෙල්ස් අධිකරණයේ ප්‍රධානියා ලෙස ශ්‍රී ලාංකිකයෙකු පත් කරලා

2158Views

ශ්‍රී‍්‍ර ලංකාවේ සහ සීෂෙල්ස් රාජ්‍යයේ පුරවැසිභාවය හිමි විනිසුරු ඇන්තනී ප‍්‍රැන්සිස් තිස්ස ප‍්‍රනාන්දු මහතා සීෂෙල්ස් රාජ්‍යයේ අභියාචනාධිකරණයේ සභාපතිවරයා ලෙස පත්කර තිබෙනවා.

එරට අධිකරණ පද්ධතියේ ඉහලම ප‍්‍රධානියා වන්නේ අභියාචනාධිකරණ සභාපතිවරයායි. ඇන්තනී ප‍්‍රැන්සිස් තිස්ස ප‍්‍රනාන්දු මහතා මීට පෙර සීෂෙල්ස් නීතිපතිවරයා ලෙස ද වසර දහයකට ආසන්න කාලයක් කටයුතු  කර තිබෙනවා.

2015 වසරේ සිට ෆීජි අභියාචනාධිකරණ විනිසුරුවරයෙකු ලෙස කටයුතු කළ ඒ මහතා ශ්‍රී‍්‍ර ලංකාවේ නීතිපති දෙපාර්තමේන්තුවේ රජයේ නීතිඥවරයෙකු ලෙස වසර 11 ක් සේවය කළා.