Monday, July 13, 2020
/ - Advertising - 0773953664 | General line - 0115112241 | - [email protected]

බිබිල නිවසකින් අභිරහස් ලෙස මියගිය තරුණියකගේ මල සිරුරක් සොයා ගනියි

1958Views

බිබිල මැදගම නන්නපුරාව දිවියාපොළ ප්‍රදේශයේ නිවසක අභිරහස් ලෙස මියගොස් සිටි තරුණියකගේ මල සිරුරක් සොයා ගැනිමට මැදගම පොලීසිය ඊයේ (05) පස්වරුවේ සමත්ව ඇත.

මෙසේ මියගොස් ඇත්තේ මැදගම නන්නපුරාව දිවියාපොළ ප්‍රදේශයේ පදිංචිව සිටි චතුරි අංජලි බාලචන්දු නැමති විසිහත් හැවිරිදි අවිවාහක තරුණියකි.

මෙම තරුණියගේ පියා කලකට පෙර මියගොස් ඇති බවත්,මව කොළඔ ප්‍රදේශයේ රැකියාවක නිරතවන බවත් පොලීසිය කියයි.

මෙම තරණිය මියගොස් ඇත්තේ මිට දින කිපයකට පෙර විය හැකිබව පොලීසිය සැක කරයි.

මෙම මියගොස් ඇති තරුණිය ඉකුත් 28 දින ඇය විවාහ  විමට සිටි තරුණයකු සමග කොළඹ සිට මැදගම නිවසට පැමිණ ඇති බවත් එම තරුණයා ඉකුත් 01දා එම නිවසින් පිටව ගොස් ඇති බවටත් පොලිසිය කල මුලික විමර්ශන  වලදි අනාවරණය වි තිබේ.

මොණරාගල කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ   පොලිස් අධිකාරි සාමන්ත විජේසේකර, සහකාර පොලිස් අධිකාරි එස්.පි.කේ ගාල්ලගේ යන මහතුන්ගේ උපදෙස් මත මැදගම පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක එම්  ප්‍රේමතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් වැඩිදුර විමර්ශන සිදු කෙරේ