Monday, July 13, 2020
/ - Advertising - 0773953664 | General line - 0115112241 | - [email protected]

ආර්ථිකය යථා තත්වයට පත් වන තුරු සෑම පවුලකටම 20000ක මාසික දීමනාවක් දෙනවා - සජිත්ගෙන් පොරොන්දුවක්

2221Views

කොරෝනා වසංගතයෙන් කඩා වැටුණ ආර්ථිකය යථා තත්වයට පත් වන තෙක් ජනතාවට රුපියල් විසිදහසක මාසික දීමනාවක් ලබාදෙන බවත්, අගෝස්තු පස්වැනිදායින් පසුව ජනතාවාදී ආණ්ඩුවක් බිහි කරන බවත් සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසුවේය

ගාල්ල ආසනයේ ප්‍රධාන සංවිධායක මනුෂ නානායක්කාර මහතා විසින් සංවිධානය කළ රැස්වීමකට සහභාගී වෙමින් ඒ මහතා මේ බව පැවසුවේය.

''කොවිඩ් වසංගතය සමග ආණ්ඩුව ජනතාවට ලබාදෙන මූල්‍ය තක්සේරුව කොතරම්ද කියලා දැන් අනාවරණය වී තිබෙනවා. මේ රටේ හැම පවුලක්ම රජයට වටින්නේ රුපියල් පන්දාහයි. මේ පන්දාහ ලැබුණේ සමගි ජන බලවේගය කෑ ගහපු නිසා. හැමදාම ප්‍රවෘත්ති සාකච්ඡාවල ඔබ වෙනුවෙන් හඩ නැගුවා. මම ඇතුළු මගේ කණ්ඩායම  ජනතාවට සහන ලබාදීම සදහා ආණ්ඩුවට බලපෑම් කළා. ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ සංඛ්‍යාලේඛන අනුව හතර දෙනෙකුගෙන් යුත් පවුලකට මාසයක් ජීවත්වීම සදහා රුපියල් විසිදහයක් අවශ්‍යයි.

 රුපියල් විසිදාහක් ලබාදෙනවා වෙනුවට නිකම්ම රුපියල් පන්දාහක් ලබාදුන්නා. මැතිවරණය නිසා තවත් රුපියල් පන්දාහක් ආණ්ඩුව දෙන්න පුලුවන්. අගෝස්තු පස් වැනිදාට ජනතා ආශිර්වාදයෙන් රාජ්‍ය බලය ලබාගන්නා විට ආණ්ඩුව කළ හැකි කැපවීම් කරලා ආර්ථිකය තථා තත්වයට පත් වෙන තෙක් රුපියල් විසිදහස බැගින් ලබාදීමට කටයුතු කරනවා''.