Monday, July 13, 2020
/ - Advertising - 0773953664 | General line - 0115112241 | - [email protected]

''මට ඒක ළඟ තියාගන්න බය හිතුනා'' - එක්ලක්ෂ පහලොස්දහසක මුදල් සමඟ පසුම්බියක් සොරාගත් අයෙක් එය නැවත පොලිසියට භාරදෙයි

3361Views

මොණරාගල නගරයේ පිහිටි ප්‍රධාන පෙළේ හෝටලයකට කෑම පාර්සලයක් ගැනීමට පැමිණි තරුණියකගේ රුපියල් එක්ලක්ෂ පහලොස්දහසක් අඩංගු මුදල් පසුම්බියක් සොරකම් කළ අයෙකු නැවත එම මුදල් පසුම්බිය පොලිසියට බාරදුන් පුවතක් වාර්තා වනවා.‍

අදාළ තරුණියගේ ස්වාමිපුරුෂයාට අයත් ත්‍රිරොද රථයක් කල්බදු පහසුකම යටතේ මූල්‍ය ආයතනයකට උකස්කර ඉන් ලබාගත් මුදල් රැගෙන නිවසට යමින් සිටින අතරතුර කෑම පාර්සලයක් ගැනීම සඳහා මොණරාගල නගරයේ පිහිටි හෝටලයකට ගිය අවස්ථාවේදී  මෙම මුදල් සොරාගෙන තිබුණා.

ඒ අනුව මේ පිළිබදව ‍මොනරාගල පොලීසියට ලද පැමිණිල්ලකට අනුව පොලිස් අපරාධ විමර්ශන ඒකකය විසින් එම හෝටලයට ගොස් එහි සේවකයින්ගෙන් කල තොරතුරු විමසීම් වලදී මෙම සිදුවීමට අදාලව පැහැදිලි තොරතුරක් ලබාගැනිමට නොහැකි වී තිබුණා.

කෙසේ නමුත් පොලිස් උකුසු ඇස යොමුකරමින් තව දුරටත් ඉතා සූක්ෂම අයුරින් කටයුතු කල අපරාධ විමර්ශන අංශය එම හෝටලය තුල තිබූ සී.සී.ටී.වී කැමරා පද්ධතිය පරීක්ෂා කිරීමේදී මෙම සොරකමට අදාල සැකකරු පිළිබදව තොරතුරු අනාවරණය කරගෙන තිබුණා.

ඒ අනුව ඔහු අත්අඩංතුවට ගැනිමට අදාල මෙහෙයුම් ක්‍රියාත්මකව තිබියදී මෙම සිදුවීමට අදාල සැකකරු ඊයේ (24) උදෑසන ඔහු සොරාගත් මුදල් පසුම්බිය අදාල මුදල්ද සමග පොලීසියට බාර දුන් බව පොලීසිය සඳහන් කළා.

මේ පිලිබදව සැකකරුගෙන් කල ප්‍රශ්න කිරීම්වලදී ඔහු ප්‍රකාශකර ඇතතේ තමන් පුද්ගලික අවශ්‍යතාවයක් සදහා අදාල හෝටලයට පැමිනි අවස්ථාවේදී ත්‍රීරොද රථය තුල තිබූ මෙම මුදල් පසුම්බිය තමන් සොරාගත් බවත්, මෙම මුදල් පසුම්බිය තමන් සතුව තබාගැනීමට බියවූ නිසා පොලීසියට ගෙනවිත් භාරදීමට තමන්ට සිතුන බවත්ය.