Monday, July 13, 2020
/ - Advertising - 0773953664 | General line - 0115112241 | - [email protected]

ප්‍රේමදාස යුගයේ අවි ආයුධ ලැබුණා..ඒවා භාරගත්තේ මමයි - කරුණා අම්මාන්ගෙන් තවත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්

1562Views

අලිමංකඩදී යුද හමුදා සාමාජිකයින් පිරිසක් ඝාතනය කිරීම සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදුකළ විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් අද (26) තවත් ආන්දෝලනාත්මක හෙළිදරව්වක් කළේය. 

ඔහු මේ බව සඳහන් කළේ රූපවාහිනි වැඩසටහනකට එක්වෙමිනි.

තමාට විරුද්ධව සිංහල ජනතාවගේ සිත් තුළ වැරදි ප්‍රතිරූපයක් ගොඩනැගීමට සජිත් ප්‍රේමදාස මහතාට අවශ්‍යව ඇති බවත් එමඟින් සිංහල ජනතාවගේ ඡන්ද ලබා ගැනීමට ඔහු උත්සාහ කරන බවත් ඔහු කියා සිටියේය. 

ආර්. ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ පාලන කාලය තුළ තමාට අවි ආයුධ සහ මුදල් ලැබුණු බවත් එම අවි ආයුධ භාර ගත්තේ ද තමන් විසින් බවත් විනයාගමූර්ති මුරලිදරන් හෙළිදරව් කළේය.

එසේම තමන් කිසිවිටෙකත් යුද හමුදාවට අපහාස වන ආකාරයෙන් කතා නොකළ බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.

ගලබොඩඅත්තේ ඥානසාර හිමියන් මුස්ලිම් අන්තවාදයට එරෙහිව ගෙනයනු ලබන වැඩපිළිවෙල තමන් අගය කරන බවත් කරුණා අම්මාන් පැවසීය.

එසේම ඉදිරි මහ මැතිවරණයෙන් ජය ලබා තමන් අනිවාර්යයෙන්ම පාර්ලිමේන්තුවට තේරී පත්වන බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියේය.