Thursday, August 13, 2020
/ - Advertising - 0773953664 | General line - 0115112241 | - [email protected]

ඇන්ජලෝ මැතිව්ස්ගේ ක්‍රීඩා දිවිය විනාශ වූ අයුරු තිලංග කියයි

3283Views

තරගපාවාදීම් පිළිබඳව බොරු චෝදනා කරමින් ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස්ගේ ක්‍රීඩා දිවිය පසුගිය ආණ්ඩුව සමයේදී වසර කිහිපකින් ආපස්සට ගෙනගිය බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතා පවසයි.

ඊයේ (01දා) කොළඹදී පැවැති වැඩසටහනකදී ඔහු මේ බව සඳහන් කළේය.

“පරීක්ෂණය හරියට කරලා ප්‍රතිඵලයක් ආවාම මේ කථාව ඉවරයි. පරීක්ෂණය කරන්න දෙන්න ඕන.

මේ පරීක්ෂණය යන නිසා ඒක නවත්වන්න බෑ. මේක ගැන කථා නොකර ඉන්න හොඳයි. මේ ගැන කථාකළොත් ආන්දෝලනය වැඩි වෙනවා.

ප්‍රමෝදය වික්‍රමසිංහ එක්ක හිටපු කූල් කිව්වා තරග පාවාදෙනවා කියලා. ක්‍රීඩකයෝ එෆ්.සී.අයි.ඩී. ගෙනිච්චේ.

හංවඩු ගහලා ඇන්ජලෝ මැතිව්ස්ගේ නම් කියලා පරීක්ෂණ කළා. අන්තිමට මොකුත් නෑ කියලා නිදොස් කොට නිදහස් කළා. ඇන්ජලෝගේ ක්‍රීඩාව විනාශ කළා. පරීක්ෂණය පටන් ගත්තාම මුහුණ දෙන්න ඕන.

මේ දවස්වල ක්‍රිකටුත් නෑ. සති දෙකක් තුනක් යද්දී ඉවරවෙයි. සම්බන්ධනම් නඩු දායි එතකොට් ඒ ප්‍රශ්නේ අවශ්‍යතැනට ගොනු වෙනවා.

බොරු චෝදනා දාලා ක්‍රීඩකයන්ගේ නම් විනාශ කළා. බොරු චෝදනා නිසා ක්‍රීඩකයොත් විනාශ වුණා. වැරදි කරලා නැත්නම් බය වෙන්න ඕන.”