Thursday, August 13, 2020
/ - Advertising - 0773953664 | General line - 0115112241 | - [email protected]

උණවටුන උප දුම්රිය ස්ථානය තාවකාලිකව වසා දමයි

1295Views

උණවටුන උප දුම්රිය ස්ථානය අද (13) දිනයේ දී තාවකාලිකව වසා දැමීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා.

හබරාදුව ප්‍රදේශයේදී කොරෝනා ආසාදිත බවට තහවුරු වූ කන්දකාඩු පුනුරුත්ථාපන මධ්‍යස්ථානයේ උපදේශකවරයා සමග උණවටුන උප දුම්රිය ස්ථානයේ ස්ථානාධිපතිවරයා සමීප ඇසුරු කිරිම හේතුවෙන් එම පියවර ගෙන ඇති බවයි උණවටුන ප්‍රදේශය භාර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා සඳහන් කළේ .

උණවටුන දුම්රිය ස්ථානය අද දිනයේදී විෂබිජ හරණයට ලක් කිරීමට ද පියවර ගත් බවයි ප්‍රදේශය භාර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා සඳහන් කර සිටියා.

අදාළ උප දුම්රියපොල ස්ථානාධිපතිවරයා මේ වනවිට පී.සී.ආර්. පරීක්ෂණයකට ලක් කර ඇති අතර එහි වාර්තාව අනුව ඉදිරි ක්‍රියාමාර්ග තීරණය කිරිමට නියමිතව ඇති බවද මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරිවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කර සිටියා.