Thursday, August 13, 2020
/ - Advertising - 0773953664 | General line - 0115112241 | - [email protected]

ලක්ෂ්මන් කිරිඇල්ලගේ 30 වසරක මෙහෙවරින් බිඳක්

2872Views

ලක්ෂ්මන් කිරිඇල්ල වසර තිහතටත් වැඩි කාලයක් මහනුවර ජනතාවගේ ඡන්දයෙන් පාර්ලිමේන්තුව නියෝජනය කරලතියෙනවා.මේ පාරත් ඔහු ඡන්ද සටනට ඇවිත් ඉන්නෙ අලුත් මුහුණුවරකින්.සමගි ජනබලවේගයට එකතුව ඔහු මෙවර මහනුවර දිස්ත්‍රික් නායකයා හැටියට ඡන්ද සටන මෙහෙයවන්නෙ.සෙංකඩගල මිනිස්සුන්ගෙ ඡන්දයෙන් පාර් ලිමේන්තු ගිය කිරිඇල්ල මොනවද රටට කරල තියෙන්නෙ? මහනුවර මිනිස්සුන්ට සෙතක් සලසල තියෙනවද?

ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රථම වරට දේශීිය කොන්ත්‍රාත්කරුවන් සමග එක්වී කොළඹ - මහනුවර මධ්‍යම අධිවේගී මාර්ගයේ දෙවෙනි අදියර මීරිගම සිට කුරුණෑගල දක්වා කි.මී. 37 වැඩ අවසන් කිරීම නිසා ඉතිරි කි.මී. 3 ක දුර නිමවූ විට මහනුවර සිට කුරුණෑගල , මීරිගම,කටුනායක අධිවේගී මාර්ගය හරහා පැය දෙකෙන් කොළඹට ලගාවීමේ පහසුකම හැදුනෙ ලක්ෂ්මන් කිරිඇල්ල ඇමති ලෙස කළ කාර් ය භාරය නිසා. මහනුවර දිස්ත්‍රික්කයෙ පවුල් 5000 කට ලක් දිරිය ණය යෝජනා ක්‍රමයෙන් ණය දුන්න කියනවා.

මහනුවර දිස්ත්‍රික්කයෙ ආගමික ස්ථාන 1150 ක සංවර් ධන කටයුතු කරපු බවකුත් කියනවා.විශ්වවිද්‍යාල නේවාසිකාගාර 24 ක් හදල නේවාසික ප්‍රශ්නය සම්පූරණයෙන් අවසන් කළේ පසුගිය රජය කාලෙ උසස් අධ්‍යාපන ඇමති විදියට කියලයි කියන්නෙ.වතුකරයේ ජනතාවය පර්චස් 7 ක ස්ථිර ඉඩම් 6000 ක් එතුමා ලබාදුන්නලු.ග්‍රාමීය මාර් ග 3000ක් නවීකරණය කළ බවත් කියනවා.වසර 60 ක ජනතා සිහිනයක් වුණ හල් ඔළුව පාළම ඉදි කළේ එතුමාලු.නව තාක්ෂණ පීඨ 05 කුත්හදලා.

මහනුවර දිස්ත්‍රික්කයෙ විහාර ප්‍රවේශ මාර්ග 460 ක් හදල තියෙනවා.දළදා මාලිගා සීමාවෙ තිබුණ පැරණි අධිකරණය එතැනින් ඉවත් කරළා නවීකරණය කළ වත්මන් අධීකරණය ඉදිකිරීමට මුල් වුණෙත් එතුමා ලු.පල්ලෙකැලේ ක්‍රිකට් ක්‍රීඩාංගනය එතුමා නොවෙන්න ඉදි නොකෙරෙන්න තිබුණ කියල කියනවා.මේවට අමතරව දිස්ත්‍රික්කයේ දිළිිදු පවුල් වෙනුවෙනුත් එතුමා කැපවී ගොඩක් දේවල් කළා කියනවා. එතුමා කියන මේ කතා ඇත්ත ද?

අපේ විමසිල්ලට අනුව මේ කතා ඇත්ත.එ්ක තමයි වසර 30 ක් ඔහු අඛණ්ඩව වසරින් වසර ජනතා ප්‍රසාදයට පත් වෙන්නේ.මේ පාරත් ලක්ෂ්මන් කිරිඇල්ලට මහනුවර ජනතාව ඡන්දයක් දෙන්නෙ ඒ යුතුකම වෙනුවෙන්.ඒක තමයි ඇත්ත.