Thursday, August 13, 2020
/ - Advertising - 0773953664 | General line - 0115112241 | - [email protected]

අඩුවෙන්ම බදු මුදල් ගන්න අගමැති මම වෙනවා - සජිත්

490Views

රට හදන කාර්යයේදී ඉහළම තැනින් ආදර්ශය ලබාදීම තම රජයකදී සිදුවන බවත් අඩුවෙන්ම බදු මුදල් ගන්නා අගමැතිවරයා වෙමින් දුකෙන් පෙළෙන ජනතාව සුඛිත මුදිත කරන කාර්ය දූෂණය, වංචාව, හොරකම නැති නිපුණතාවෙන් දක්ෂතාවෙන් පිරිපුන් පිරිසක් සමඟ දියත් කරන බව සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා කියයි.

දිවංගත ලලිත් ඇතුලත්මුදලි මහතාගේ දර්ශනයේ ඇතුළත් ගුණාංග රැසක් සමගි ජන බලවේගය අනුගමනය කරමින් සිටින බවත් අදටත් වලංගු එතුමාගේ දර්ශනය ඉදිරියට ගෙන යෑමට කටයුතු කරන බවත් ප්‍රේමදාස මහතා කීය.

“මගේ රජයක මාත් ඇමැතිවරුන් රට සවාරි, විනෝද සවාරි ආදී පෞද්ගලිකත්වයට මුල් තැන දෙන දේවල් ගැන හිතන්න එපා. අපේ දේශපාලනය තුළ සුර සැප විඳීමක් නැහැ. වසරේ තුන්සිය හැටපස් දවසේම ඔවුන් මුල් තැන දිය යුත්තේ ජනජීවිත උසස් කර සුඛිත මුදිත කරන පොදුජන යුගයක් රට තුළ ඇති කිරීමට කටයුතු කරනවා” යැයිද ප්‍රේමදාස මහතා ගල්කිස්ස ප්‍රදේශයේ පැවැති ජනහමුවකදී කීවේය.