Thursday, August 13, 2020
/ - Advertising - 0773953664 | General line - 0115112241 | - [email protected]

නීතිඥවරියකගේ නිවසට ගල් ගසා නිරුවත පෙන්වූ අයෙක් අත්අඩංගුවට

1029Views

මීගොඩ ප්‍රදේශයේ නීතිඥවරියකගේ නිවසට ගල් ගසා ඇයට නිරුවත පෙන්වූ බව කියන පනාගොඩ යුධ හමුදා  කඳවුරේ සෙබලෙක් මිගොඩ පුවක් වත්ත ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව  මීගොඩ පොලිසිය කියයි.

දෙපාර්ශවය අතර පෙරේදා ඇතිවූ ආරවුලකින් අනතුරුව සැකකාර සෙබලා නීතිඥවරීයගේ නිවසට ගල් ගසා ඇය නිවසින් පිටතට පැමිණීමෙන් අනතුරුව සිය කලිසම ගලවා නිරුවත පෙන්වීම හේතුවෙන් නීතිඥවරිය කරන ලද පැමිණිල්ලක් අනුව සැකකරු මීගොඩ පුවක්වත්ත ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 

අත්අඩංගුවට ගත්  සැකකරු හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය. මීගොඩ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රාජපක්ෂ මහතා පරීක්ෂණ පවත්වයි.