Tuesday, September 29, 2020
/ - General line - 0115112241 | - nethgossip.[email protected]

ඔබේ අපේක්ෂකයාත් පොදු දේපළ සොරා කන්නෙක්ද ?

6939Views

ශ්‍රී ලංකාවේ මැතිවරණ ඉතිහාසය දෙස බැලීමේදී රාජ්‍ය බලය හා දේපල මැතිවරණ වලදී අවභාවිතාව විවිධ පාලන කාලයන් තුලදී අඩු වැඩි වශයෙන් සුලභව දක්නට ලැබෙන පොදු ලක්ෂණයකි.විශේෂයෙන් 1990 කාල පරිච්ඡේදයෙන් පසු මෙම තත්වය වඩාත් වැඩිවූ බව දැකගන්නට ලැබේ.සාමාන්‍යයෙන් මැතිවරණ කාල සීමාවන් වලදි සෑම රාජ්‍ය ආයතනයකම සම්පත් හා සේවකයන් මෙලෙස නීති විරෝධී ආකාරයට ඡන්ද වැඩට යොදා ගැනේ. එම ආයතන අතර මාර්ග සංවර්ධන අධිකාරිය, ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය, නාගරික සංවර්ධන අධිකාරිය, රාජ්‍ය බැංකු, විදුලි බල මණ්ඩලය, වරාය හා ඛනිජ තෙල් සංසථාව දැක ගත හැක.

එමෙන්ම නාම යෝජනා බාර දීමට පෙර හා පසු රජයේ වියදමින් විවිධාකාරයේ භාණ්ඩ බෙදා දීම රැකියා ලබාදීම්, විවිධ වරප්‍රසාද ලබාදෙනු සෑම පාලන කාලයන් තුලදීම අප දැක ඇත.රාජ්‍ය මුදල්, රාජ්‍ය මාධ්‍ය වාහන, ගොඩනැගිලි, ඉඩම්, සේවකයන් අතිවිශාල ලෙස මහජන නියෝජිතයින් විසින් අයතා පරිහරණයට ලක් කළත් ඒ පිළිබඳව මහජනතාවගේද අවධානයට ලක් නොවේ.ඇතැමුන් මේ පිළිබඳව දැනුවත් නමුත් ඇතිවිය හැකි අනිසි බලපෑම් නිසා මුනිවත රැකීමට කටයුතු කරයි.ඇතැමුන් තමාට ලැබෙන පුද්ගලික වාසියක් වරප්‍රසාදයක් නිසා මහජන නියෝජිතයින් සිදුකරන මෙම අපරාධය නොදැක්කා සේ ඉඳී.

රාජ්‍ය දේපළ අවභාවිතය අලුත් දෙයක් නොවුණත් එය  සියයට සියයක් නැති කළ නොහැකි දෙයක් වුවත් එය අවම කිරීම ඉතා වැදගත්ය. .අපට රටේද රාජ්‍ය දේපළ අවභාවිතය සම්බන්ධයෙන් නීතී රාමුවක් තිබුණද ක්‍රියාත්මක කිරීමේදී ගැටලු රාශියක් පැන නගී.ඊට විශාලම හේතුව වන්නේ රාජ්‍ය දේපළ අවභාවිතය සම්බන්ධයෙන් රටේ ඡනතාවගේ ඇල්මැරුණු ස්භාවයයි.ජනතාවද මේ සම්බන්ධයෙන් විශාල මැදිහත් වීමක් කරයි නම් මෙම තත්වය වඩාත් අවම කරගත හැකිය.

විශේෂයෙන් අප රටේ ජනතාවටද මේ සම්බන්ධයෙන් හැඟීමක් ඇති විය යුතුය. රාජ්‍ය දේපළ අවභාවිතය වරදක් බව හෝ එලෙස කරන්නන් ජනතාවට නොදැනීම හා නොහැඟීම ඉතා බරපතළ තත්ත්වයකි. ජනතාව සිතන්නේ එය දේශපාලකයින්ගේ අයිතියක් බවයි.ඔවුන්ගේ අයථා වැඩ වලට විරුද්ධ වී අනවශ්‍ය ප්‍රශ්ණ දමා ගන්නේ ඇයිද යනුවෙන්ද සමහරුන් කල්පනා කරයි.කෙසේ වෙතත් මේ සමබන්ධයෙන් කටයුතු කරන ආයතන තොරතුරු සපයන්නන්ගේ තොරතුරුවල රහස්‍ය භාවය ආරක්ෂා කීරමට බැඳී සිටින බව බොහෝ දෙනා නොදනිති.බොහෝ රාජ්‍ය නිළධාරීන්ද තම පුද්ගලික වරප්‍රසාද වලට මේ පිළිබඳව මුනිවත රැකීම හා දේශපාලයකයන්ගේ අයතා වැඩි වලට සහය දීම බොහෝ ආයතන වල දැකගන්න ලැබෙන කාරණාවක්ය.

රාජ්‍ය දේපළ අවභාවිතය රටේ ආර්ථිකයට විශාල බලපෑමක් එල්ල කරයි.පොදු හා රාජ්‍ය දේපළ අවභාවිතාකිරීම නිසා වාර්ෂිකව රුපියල් බිලියන 10කට ආසන්න මුදලක් අපරටට අහිමි වන බව වාර්තාවේ.මේ මුදල් වෙන කිසිවකුගේ නොව මහජනතාව වන අපගේය.මෙම අවභාවිතා කිරීම් හරහා සිදුවන පාඩු වලට බදු ගෙවිය යුත්තේද අපමය.රටේ භාණ්ඩ හා සේවා මිල ඉහළ යාමටද රාජ්‍ය දේපළ අවභාවිතය සෘජු හේතුවක්වේ.අතීතයේ සිට පොදු හා රාජ්‍ය දේපල තමන්ගේ දෙයක් මෙන් රැක ගැනීමට කටයුතු කළා නම් අප රටට විශාල සම්පත්ප්‍රමාණයක් ඉතිරි කරගන්නට හැකියාව තිබිණි.එසේ නම් ලංකාව යනු තවමත් දියුණු වෙමින් පවතින රාජ්‍යයක් යැයි නොකියන්නටද හේතුවක් වන්නට තිබිණි.එසේ නම් වගීකමක් ඇති පුරවැසියෙකු වශයෙන් රාජ්‍ය දේපළ අයතා ලෙස පරිහණය වන සෑම අවස්ථාවකදීම ඊට එරෙහි වීම ඔබ සතු යුතුකමක් මෙන්ම වගකීමක්ද වන්නේය.

එබැවින් පොදු දේපල අයුතු ලෙස පරිහරණයට ඉඩ නොදෙන්න.මැතිවරණ සමය තුල එලෙස පොදු දේපල අයුතු ලෙස භාවිතා වන තොරතුරු ඔබ සතුවේ නම් තහවුරු කළ සාක්ෂි සමග අපට වාර්තා කරන්න.

පොදු දේපළ රැකගැනීමේ වැඩසටහන
ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රීලංකා ,5/1,එලිබෑන්ක් පාර , කොළඹ 05
ෆැක්ස් 011 2501707
ඊමේල් [email protected]@gmail.com
ක්ෂණික ඇමතුම් 
076 322 3442 / 076 322 3662