Sunday, November 28, 2021
/ - General line - 0115112241 | - [email protected]

ලෙබනනයේ පිපිරීම් වලින් මිය ගිය ගණන මෙන්න

3087Views

 

ලෙබනනයේ අගනුවර වන බීරූට් හි සිදු වූ විශාල පිපිරීමකින් පුද්ගලයින් 78ක් මියගොස් තිබෙනවා.

එම පිපිරීමෙන් පුද්ගලයින් 4000කට අධික පිරිසක් තුවාල ලබා තිබෙන බවයි විදෙස් වාර්තා සඳහන් කරන්නේ.

වසරක හයකට අධික කාලයක් ගබඩා කර තිබූ වෙඩි බෙහෙත් ගබඩාවක අදාළ පිපිරීම සිදුව ඇති බව වාර්තා වෙනවා.

පිපිරීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර එහි වගකිවයුතු පුද්ගලයින්ට උපරිම දඬුවම් ලබා දෙන බව එරට ආරක්ෂක කවුන්සිලය ප්‍රකාශ කර තිබෙනවා.

ලෙබනන් ජනාධිපති මයිකල් අවුන් දින 3ක ශෝක කාලයක් ප්‍රකාශයට පත් කර ඇති අතර පිපිරීමෙන් විපතට පත්වූවන්ට ලබාදීම සඳහා ඩොලර් මිලියන 66ක මුදලක් නිදහස් කර තිබෙන බවයි වාර්තා වන්නේ.

මුදවා ගැනීමේ සේවකයින් සුන්බුන් අතර දිගින් දිගටම සෝදිසි කරමින් සිටින අතර මරණ සංඛ්‍යාව ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.