Friday, September 25, 2020
/ - General line - 0115112241 | - [email protected]

ජනපතිට හා අගමැතිට පමණක් දෙවනි වන මෛත්‍රී බලා සිටින අග්‍රඵලය

4938Views

වෙහෙසකර අභියෝගයක් ජය ගැනීමෙන් පසු එහි අග්‍රඵලය ලැබීමට ටික කාලයක් නිහඬව බලා සිටීමට සිදුවන බව හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

සිය ෆේස්බුක් ගිණුමේ සටහනයක් තබමින් ඔහු මේ බව සඳහන් කරයි. 

මෙවර ශ්‍රී ලංකා  පොදුජන පෙරමුණ යටතේ පොලොන්නරුව දිස්ත්‍රික්කයට තරග කළ හිටපු ජනපතිවරයා එහිදී මනාප ලැයිස්තුවේ පෙරමුණට පැමිණෙමින් පාර්ලිමේන්තුවට තේරී පත්විය.

කෙසේ වෙතත් කැබිනට් මණ්ඩල දිවුරුම් දීමේදී ඔහුට අමාත්‍යධුරයක් හිමි නොවීය.ඒ ඔහුට කථානායක පදවිය ලැබීමට නියමිත නිසා බව ඇතැම් වාර්තා පළවී තිබුණත් එම තනතුර මහින්ද යාපා අබේවර්ධන මන්ත්‍රීවරයාට හිමිවනු ඇති බව ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි

කෙසේ නමුත් යෝජිත ව්‍යවස්ථා සංශෝධනයෙන් පසු හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ජනපතිට හා අගමැතිවරයාට පමණක් දෙවන වන ධූරයක් නිර්මාණය කෙරෙනු ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරයි.