Thursday, November 26, 2020
/ - General line - 0115112241 | - [email protected]

කොටුවේ පාවෙන වෙළඳ සංකීර්ණය පිළිසකර කිරීමට පියවර

1860Views

කොළඹ කොටුව පාවෙන වෙළඳ සංකීර්ණය පිළිසකර කිරීමට නාගරික සංවර්ධන අධිකාරිය පියවර ගෙන ඇත.

ඉකුත් වසර හතර හමාරක පමණ කාලයේ දී නිසි නඩත්තුවක් නොමැති වීම හේතුවෙන් එම වෙළඳ සංකිර්ණයේ වෙළෙඳ සැල් වලින් සියයට අසූවක් මේ වනවිට වසා දමා ඇතැයි නාගරික සංවර්ධන අධිකාරිය කියයි.

එමෙන්ම එකී පාවෙන වෙළඳ සැල් පවත්වාගෙන යන ඇලෙහි ජලය අපිරිසිදු වීම හේතුවෙන් දැඩි  පාරිසරික ප්‍රශ්න මතුවී ඇති බවත් මේ නිසා ඉක්මණින් එහි පිළිසකර කටයුතු සිදුකිරීමේ අවශ්‍යතාවයක් ඇති බවත් නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරියෙකු  පැවැසීය.

මේ පිළිබඳ අවධානය යොමුකළ නාගරික සංවර්ධන අමාත්‍යවරයා වන අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා එහි පිළිසකර කටයුතු වහා අරඹන්නැයි අදාළ නිලධාරින්ට උපදෙස් දුන් බව ද හෙතෙම කියා සිටියේය.

වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නාගරික සංවර්ධන අමාත්‍යංශ ලේකම්වරයාව සිටියදී ඔහුගේ සංකල්පයක් අනුව ඉදිවූ මෙම පාවෙන වෙළඳ සංකීර්ණය විවෘත කරන ලද්දේ 2014 අගෝස්තු 25 වනදාය.