Friday, September 25, 2020
/ - General line - 0115112241 | - [email protected]

ගව ඝාතනය නැවත්වීමට ගෙන ආ යෝජනාව ක්‍රියාත්මක වන්නේ කවදා සිටද ?

1998Views

ගව ඝාතනය වැළැක්වීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමට ඉදිරිපත් කළ යෝජනාව ආණ්ඩු පක්ෂයේ එකඟතාව ලැබී තිබේ.

ඒ සඳහා ආණ්ඩු පක්ෂයේ කිසිම මන්ත්‍රීවරයෙක් විරෝධයක් දක්වා නොමැති බව වාර්තා වෙයි.

ආණ්ඩු පක්ෂ කණ්ඩායම් රැස්වීමට අග්‍රාමාත්‍යවරයා මෙම යෝජනා ඉදිරිපත් කර ඇත්තේ බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා වශයෙනි.

ශ්‍රී ලංකාවේ ගව ඝාතනය තහනම් කිරීමට අනගාරික ධර්මපාලතුමාගේ ප්‍රධානත්වයෙන් පවා ව්‍යාපාරයක් ගෙන ගියද එය මේ දක්වා සාර්ථක වී නොමැත. වත්මන් ආණ්ඩුවට පාර්ලිමේන්තුව තුළ තුනෙන් දෙකක බලයක් ඇති හෙයින් මෙම යෝජනාව පාර්ලිමේන්තුවේ සම්මතවීමට වැඩි ඉඩක් පවතී.

දේශීය ගවමස් පරිභෝජනය සහතික කිරීම වෙනුවෙන් ගවමස් ආනයනය කිරීමටද අවධානය යොමුව තිබේ.