Friday, September 25, 2020
/ - General line - 0115112241 | - [email protected]

ආනවිලුන්දාව ඩෝසර් කළේ ඇමති සනත් නිශාන්තගේ සොහොයුරා බව තරහවුරු වෙයි

2172Views

පුත්තලම ආනවිලුන්දාව රැම්සා තෙත්බිම් ප්‍රදේශය නීතිවිරෝධී ලෙස ඩෝසර් කරමින් ඉස්සන් කොටු ඉදිකිරීමට ක්‍රියා කර ඇත්තේ ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ජගත් සමන්තගේ මෙහෙයවීම මත බව එම පරිසර විනාශය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පත්කළ විශේෂඥ කමිටුව හෙළිකර තිබේ.

ජගත් සමන්ත යනු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත පෙරේරා මහතාගේ සොහොයුරාය.

මෙම අභයභූමි ප්‍රදේශයේ සිදුකළ පරිසර විනාශය පිළිබඳ පරිසරවේදීන් විසින් අනාවරණය කිරීමෙන් අනතුරුව වනජීවී සහ වන සංරක්ෂණ අමාත්‍ය සී.බී. රත්නායක මහතා විසින් ඒ පිළිබඳ සොයාබැලීම සඳහා කමිටුවක් පත් කෙරිණි.

පසුගියදා ප‍්‍රසිද්ධ නාලිකාව වැඩසටහනකට එක්වෙමින් රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත ප්‍රකාශ කළේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් තමන්ගේ සම්බන්ධයක් නොමැති අතර එහිදී වනාන්තර විනාශයක් සිදුවී නොමැති බවය.